
කොබෙයිගනේ ප්‍රදේශයේ සමාජ සේවකයකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ කොබෙයිගනේ සුබසෙතගම සාම විනිසුරු සමන් වීරවංශ පතිරණ මහතා අභාවප්‍රාප්ත විය.
සුබසෙතගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරස්ථ දායක සභාව ඇතුළු ගම්මානයේ ස්වෙච්ඡා සංවිධාන කීපයකම විවිධ නිළතල හෙබවූ මෙම මහතා මිය යන විට 55 වියේ පසුවූ දෙදරු පියෙකි.
දේහය කොබෙයිගනේ සුබසෙතගම නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 13 වන ඉරිදා පස්වරු 4.30 ට සුබසෙතගම සුසාන භූමියේ දී සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd