IMG-LOGO

කොතලාවලින් දේශිය සිසුන්ට යළි ඉඩ

 

(විමුක්ති එස් රුද්‍රිගු)


වෛද්‍ය උපාධිය සඳහා  මුදල් ගෙවීමේ පදනම මත දේශීය සිසුන් නැවත වරක් බඳවා ගැනීමට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තීරණය කර ඇත.

මීට පෙර පසුගිය මැයි 22 ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ මේ වසරේ සිට කොතලාවල වෛද්‍ය උපාධිය කැඩෙට් භටයින්ට සහ විදෙස් සිසුන්ට පමණක් සීමා කෙරෙන බවයි.

කෙසේ නමුත් එම තීරණය ආපසු හරවමින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධියට දේශීය සිසුන්ගෙන් අයැදුම් පත්‍ර කැඳවා ඇත.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියට පිවිස වෛද්‍ය උපාධිය සඳහා අයැදුම් කිරීමට දේශීය සිසුන්ට හැකියාව පවතින අතර ඒ සඳහා අවශ්‍ය අවම සුදුසුකම අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් එක් වරකදී ජීව විද්‍යා විෂයය ධාරවෙන් “සී” සාමාර්ථ දෙකක් සහ “එස්” සාමාර්ථයක් ලබාගෙන තිබීමය.

එලෙස වෛද්‍ය උපාධියට ඇතුළත් වන සිසුසිසුවියන් උපාධිය නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 175 ක මුදලක් වැය වේ. උපාධිය සඳහා ඉල්ලුම් කළ හැකි අවසාන දිනය වන්නේ එළැඹෙන 18 වැනිදාය.



අදහස් (2)

කොතලාවලින් දේශිය සිසුන්ට යළි ඉඩ

Senarath Monday, 07 July 2025 09:45 AM

අවම සුදුසුකම තව වැඩි කරලා හරි කමක් නැහැ , වැඩිපුර ළමයින් ගන්නවානම් . අපේ රටේ A 3ක් අරගෙනත් වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි ළමයි ඉන්නවා. ඒ නිසා මුදල් තියෙන ළමයින්ට අවස්ථාවක් ලැබුනාම , රජයේ විශ්වවිද්‍යාල වල මුදල හැකියාව නොමැති ළමයින්ට වැඩියෙන් ලැබෙනවා.

:       1       6

බද්රානි Monday, 07 July 2025 01:48 PM

මෙතරම් විශාල මුදලක් වැය කරලා ලංකාවේ මේ මිලිටරි විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධියක් ගන්න වෙලාවේ, යුරෝපයේ, හෝ වෙනත් සංවර්ධිත රටකට දරුවන්ව යවන එක දෙමව්පියන්ට ලාභයිනේ... ලෝකයේ කිසිම රටක වෛද්‍ය පාඨමාලා ගාස්තුව මෙතරම් මිල අධික රටක් ගැන මම නම් අහලා නැහැ. ඒ වගේම පිටරටකදී ලැබෙන ජීවන අත්දැකීම් ලංකාවේදී, කවදාවත් දරුවන්ට ලැබෙන්නේ නැහැ...අනික තමයි, පිටරටක වෛද්‍යවරුන් හා කථිකාචාර්ය වරුන්ගෙන් ලැබෙන ආභාෂයෙන් ගුණාත්මක වෛද්‍යවරයෙක් බිහිවෙනවා වෙනුවට ලංකාවේ ඔවුන්ගේ ආභාෂය තුල නරුම දොස්තරයෙක් තමයි බිහිවෙන්නේ... කාගේ හෝ බෙල්ල මිරිකලා සල්ලි හම්බ කරන ක්‍රමයක් පවතින රටක, හොරකම් කරලා මුදල් හොයාගෙන වෛද්‍යවිද්‍යාව හැදෑරීමට තමයි දරුවන්ට හොඳම විකල්පය වෙන්නේ...මම නම් කියන්නේ මෙතරම් මුදලක් අතේ තියනවා නම්, පිටරටකට ගිහින් ඉගෙන ගෙන, ජීවිතය ගොඩනගාගෙන මනුස්සයෝ වගේ නිදහසේ ජීවත් වෙන්න, මේ සුන්දර දිවයිනේ ජීවත් වෙන ගෝත්‍රික ගති පැවතුම් ඇති නරුමයින්ගෙන් මිදී...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 574 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1004 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site