IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


කුඩු මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයො ගැන හෙළිදරවුවක්

(ගයාන් සූරියආරච්චි)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන් මුදල් උපයන නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට (30) සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා මේ වනවිට විදේශගතව සිටින අතර අමාත්‍යවරයා සහ ඇතැම් නීතීඥයන් අතර බරපතළ ගැටුම් ඉකුත් මාස කීපය තුළ නිර්මාණය වෙමින් පැවැති බවත් එම නිලධාරියා කීය.

බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉකුත් දෙසැම්බර් 18 දා මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහනකදී පැවැසීම හේතුවෙන් නීතීඥයන් සහ අමාත්‍යවරයා අතර ගැටුම් හටගෙන තිබූ බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

ටිරාන් අලස් අමාත්‍යවරයාට කුමන මරණ තර්ජනය පැමිණියත් පාතාලය හා කුඩු තුරන් කිරීමට කැපවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.



අදහස් (5)

කුඩු මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයො ගැන හෙළිදරවුවක්

Prabha Monday, 29 April 2024 03:41 PM

කුඩු මුදලාලිලාගෙන් වැඩිපුරක් යැපෙන්නේ පොලිසියේ කියලා මෙයා තාම දන්නේ නෑ වගේ

:       14       39

අමල් Monday, 29 April 2024 04:15 PM

ඩීල්දාසගේ පුතා තිළිණි ප්‍රියමාලිගේ නඩුවට පෙනිසිටින්න මිලියන කීයක් ගත්තාද? පුළුවන් නම් කියන්න. ඔට්ටුයි බැරුවාට...!

:       3       25

Bunny Preena Monday, 29 April 2024 04:46 PM

සිදු වූ යම් වරදක් හිතාමතාම වසන් කිරීම නීතියේ හැටියට වරදක් නම් කොහොමද විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින පෙරකදොරුවන්ට පමණක් එම දඬුවම ලබා දෙන්නේ නැත්තේ .ඔවුන් හැමදේකටම ඔබ්ජෙක්ෂන් මයි ලෝඩ් කියන කට්ටියනේ

:       2       27

Perera Tuesday, 30 April 2024 12:42 AM

ඔය ගමන්ම වාහන බලපත්‍ර ඉල්ලන මන්ත්රීලාගේ නම් 150 ත් ප්‍රසිද්ධ කරන්න

:       0       1

Kasun Tuesday, 30 April 2024 10:35 AM

කිසිම විටක තමන්ගේ ආදායම කියන්නේ නැති මිනිස්සු .කාටවත් හොයාගන්න පුළුවන් වෙන නීති හදන්නේ නැති මිනිස්සු .අපේ ආදායම නම් සතයට ගැනලා ටැක්ස් ගන්නවා .නීති විශාරදයන් ගෙවපු ටැක්ස් ගැන කිව්වා නම් අපිටත් දැන ගන්න ?

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

හමුදාපති අපහස කළැයි පුද්ගලයකුට තහනම් ආඥාවක්
2024 මැයි මස 15 274 0

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම,බෙදා හැර


විදුලි ඉංජිනේරුවරු 130 ක් සේවය හැර ගිහින්
2024 මැයි මස 15 328 1

ආර්ථික ගැටලු ඇතුළු විවිධ කරුණු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනකු මෑත කාලයේදී සේවය හැර ගොස් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්


මිනිස් ජාවාරමුන්ට දැඩි දඬුවම්
2024 මැයි මස 15 232 1

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්


ක්‍රිකට් සභාපති ශම්මිට වාරණයක්
2024 මැයි මස 15 1779 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සම්මි සිල්වා සහ වැඩබල ලේකම්වරයාට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (15)නිකුත් කළේය.


’’හොරු අල්ලන නීති රැසක් ගෙනාවා’’
2024 මැයි මස 15 644 14

හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක්වූ ආණ්ඩුව විසින් හොරු අල්ලන නීති රැසක් පසුගිය දෙවසර ඇතුළත ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ජනපති කාර්යාලය ඉදිරිපිට උණුසුම් වෙයි
2024 මැයි මස 15 999 1

අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අද (15) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 712 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2237 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1921 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site