IMG-LOGO

කැලණි ගඟේ ගංවතුර නවත්වන සැලැස්මට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

කැලණි ගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්ම සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කැලණි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශ මේ වන විට දරුණු ලෙස හායනය, පහළ නිම්නවල අවසාදිත තැන්පත් වීම, වැලි ගොඩ දැමීම, භූමි පරිහරණ රටාවන් වෙනස් වීම, නාගරීකරණය, කාර්මීකරණය, ජල පෝෂක ප්‍රදේශ දූෂණය සහ ජල ගුණාත්මක භාවය පිරිහීම ආදී සාධක හේතුවෙන් විශාල පාරිසරික ගැටලු වලට මුහුණ දෙමින් සිටී.එම කරුණු සැලකිල්ලට ගනිමින්, කැලණි ගඟ සඳහා සරල හා ආන්තික උප ජලාධාර තොරතුරු වලින් සමන්විත කළමනාකරණ සැලසුම් ඇතුළත්ව ජලාධාර කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. 

ජලපෝෂක ප්‍රදේශ නගා සිටු වීම සඳහා ඒ සම්බන්ධිත ආයතන සහ ජල පෝෂක ප්‍රදේශ වල ජනතාව සමඟ එක්ව එම සැලසුම ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, "Clean Sri Lanka" වැඩසටහන යටතේ වෙන් කර ඇති රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන යොදා ගෙන 2025 සහ 2026 වර්ෂයන් තුළ කැලණි ගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්මක් සකස් කර මධ්‍ය කාලීන අයවැය රාමුව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

 



අදහස් (0)

කැලණි ගඟේ ගංවතුර නවත්වන සැලැස්මට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1674 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site