(කේ.ආර්.රාජමන්ත්‍රි)
මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ චුටි නංගියා කාර් රේස් තරගයකදී මගේ මාමාත් එක්ක අපිව දාලා ගියා යැයි ඤාති සොහොයුරියක වන ශිවරාජ් කෞෂල්‍යා මහත්මිය පැවසුවාය.
මෙම අනතුරින් ශිවරාජ් කෞෂල්‍යාගේ මවගේ අයියා වන මුත්තුලිංගම් උදයකුමාර් සහ මුත්තුලිංගම්ගේ වැඩිමහල් දියණියගේ තුන්වැනි දරුවා වන හත් හැවිරිදි ශිවකුමාර් දිනුෂිකා යන දෙදෙනා මිය ගොස් තිබුණි.
ඩයරබාවත්තේ ඥාතී හිතවත් සියලු දෙනාම අද (22) දිනුෂිකාගේ නිවසට රැස්ව දිනුෂිකාගෙත් සීයාගෙත් වියෝවීම සම්බන්ධයෙන් තම ශෝකය පළ කරමින් සහ දිනුෂිකාගේ මතක සැමරුම් ගැන කතා බහ කරමින් දක්නට ලැබිණි.
අප එහි යන විටත් දිනුෂිකාගේ පියා දිනුෂිකාගේත් සීයාගේත් සිරැරැ ගෙන ඒමට දියතලාවටගොස් සිටි නිසා දිනුෂිකා ඔහු හමුවීමට නොහැකි විය
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිනුෂිකාගේ ඥාතී සොහොයුරිය වන ශිවරාජ් කෞෂල්‍යා මහත්මිය මෙසේ කීවාය.
මගේ අම්මාගේ අයියා තමයි මුත්තුලිංගම් උදයකුමාර් එයා වත්තේ කම්කරුවකු ලෙස සේවය කරනවා. එයාගේ වැඩිමහල් දියණිය මීට ටික කලකට පෙර මිය ගියා. එයාගේ තුන්වැනි දරුවා තමයි 7 හැවිරිදි ශිවකුමාර් දිනුෂිකා එයාගේ සියාට හරිම ආදරෙන් තමයි හිටියේ. සියාත් එයාට හරිම ආදරෙයි. දිනුෂිකාට අයියලා දෙන්නෙක් ඉන්නවා.දිනුෂිකා ඩයබරාවත්තේ වතු පාසලේ 2 වැනි වසරේ තමයි ඉගෙනගත්තේ.
අපේ චූටි නංගි ඉස්කෝලේ වැඩ කරන්න හරිම ආසයි. එයා හැමදාම ඉස්කෝලේ වැඩ කරලා රූපවාහිනියේ කාර් රේස්, කාටුන් බලන්න ආස කළා. සීයා වගේම එයාගේ තාත්තා දිනුෂිකාට හරිම ආදෙරෙන් හිටියේ අම්මා නැති පාඵව චුටි නංගිට දැනෙන්න එයාගේ තාත්තා ඉඩ තිබ්බේ නෑ. චුටි නංගි නැතුව එයාගේ තාත්තා කොහොම ඉදිද මන්දා.
රූපවාහිනියේ කාර් රේස් එක සම්බන්ධව පෙන්නුවාම මෙයාට යන්නම ඕනෑ වුණා බලන්න. දිනුෂිකා චුටි නංගි එයාගේ තාත්තාටයි සීයාටයි මේ බව කිව්වා. ඇත්තටම අපේ වත්තේ කට්ටියක් එකක් කාර් රේස් එක බලන්න බස් එකක් අරන් ගියේ චුටි නංගිගේ උවමනාවටමයි.
දිනුෂිකා නංගි ඇතුළු වත්තේ අය 27 උදේ ගිහින් තියෙනවා. මේ ගොල්ලන් තරගය බලන්න ගිහින් තියෙන්නේ පාර අද්දරම තියෙන පුටුවල වාඩිවෙලා බව එහෙ ගිය අය මාත් එක්ක කිව්වා.
සීයාගේ උකුලේ තමයි දිනුෂිකා චුටි නංගි ඉදලා තියෙන්නේ. තරගය බලන්න ගිය අය තමයි සියායි චුටි නංගි හිටිපු පුටුව උඩට කාර් එකක් පෙරළිලා විසිවුණා කියලා. චුටි නංගිට ඒ වෙලාවෙි මොනවා හිතුණාද දන්නේනෑ.
එයා අන්තිමට කිව්වේ අපි ගිහින් එන්නම් කියලා තමයි. ඒත් චුටි නංගිවත් මාමාවත් ආයිමත් අපේ ගෙදරට එන්නේ නෑ කියලා හිතුණාම එන්නේ. ආයෙමත් අපේ ගෙදර රූපවාහිනිය බලන්නත් එන්නේ නෑ. එයාගේ ආසාව තිබුණේ කාර් රේස් බලන්න. අන්තිමට කාර් රේස් එකක් බලලා මාමායි දිනුෂිකා නංගි අපිට නැති වුණා යැයි මෙම විස්තර පැවසූ ශිවරාජ් කෞෂල්‍යා මහත්මිය කීවාය.
අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව
වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා
2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .
’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි
පිටිගල මිලානෝ Tuesday, 23 April 2024 09:27 AM
ප්‍රමිතීන්ගෙන් තොර රේස් සංවිධානය කළ සංවිධායකයින් සහ හමුදා නිලධාරීන් සියල්ල සහ ක්‍රීඩා ඇමති අත්අඩංගුවට ගන්න….
රටවැසියා Tuesday, 23 April 2024 11:18 AM
ජිවිතය පටන් ගන්නකොටම එය අවසාන වීම තරම් ඛේදවාචයක් තවත් නැත. අහිංසක දැරියට නිවන් සුව පතමු, නුගතුන් සහ පල් මෝඩයන් ඉන්න රටක නැවත නුපදින්නට පතමු!
කමල් Tuesday, 23 April 2024 01:15 PM
අන්තිමට කාගේ හරි වැරද්දකින් මේ වගේ ඉතාම සරල ජීවිත වල පුංචි සතුට අහස පොලව දරා ගන්න බැරි දුකකට පරිවර්තනය වුනා