IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


කළුතර අයවැයත් පරාදයි

(සුමිත් පොතුපිටිය)  

කළුතර  ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සදහා අද (20)  ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්දයකින් පරාජයට පත් විය.

සභාවේ බලය පවත්වාගෙන යන ජාතික ජන බලවේගයේ සභාපති අරුණ ප්‍රසාද්  මහතා අයවැය ඉදිරිපත් කරනු ලැබීය.

එය සම්මත කරගැනීමට පෙර සමගි ජන බලවේගයේ  මන්ත්‍රී සංජීව ලලීන්ද්‍ර මහතා විසින් බෙදීමක් ඉල්ලා සිටී අතර, එය පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී නිලන්ත චන්ද්‍රලාල් මහතා ස්ථිර කරන ලදී.

පසුව ලේකම් එරංග දේවපුර මහතා  ඡන්ද විමසීම සිදුකල අතර , එහිදී අයවැයට පක්ෂව ඡන්ද 15 ක් ද , විරුද්ධව ඡ්න්ද 16 ක්ද ප්‍රකාශ කෙරිණි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වරුන් 15  අයවැයට පක්ෂව ප්‍රකාශ කර තිබූ අතර , සභාවේ සිටී සෙසු පක්ෂවල සියලු මන්ත්‍රී වරුන් විරුද්ධව ඡ්න්දය ප්‍රකාශ කරන ලදී. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී වරයා අයවැය ඡන්ද විමසීමට සහභාගි වූයේ නැත.

කළුතර  ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ මන්ත්‍රී වරුන් ගණන 32 ක් වන  අතර, මන්ත්‍රී වරුන් 15 ක් ජාතික ජන බලවේගයද, මන්ත්‍රී වරුන් 17 අනෙකුත් පක්ෂද නියෝජනය කරති.



අදහස් (0)

කළුතර අයවැයත් පරාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 110 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 953 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2554 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site