IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


කලාකරුවා අල්ලස් දැලේ පැටලෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පුද්ගලයන් දෙදෙනෙකුගෙන්  රුපියල් 30000 බැගින් අල්ලස්  ඉල්ලා එය බැංකු ගත කරන ලෙස දන්වා සිටි කලාකරුවෙකු   අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ  චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම බස් නැවතුම්පොළ අසලදීය.

මතුගම ප්‍රදේශයේ පදිංචි විදුහල්පතිනියක හා අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා නිලධාරියෙකුට විසින් සිදු කරන ලද පැමිණිලි දෙකක් මත පදනම්ව දොඩංගොඩ  ප්‍රදේශයේ පදිංචි සැකකාර කලාකරුවා   එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාල විදුහල්පතිනිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පවතින විමර්ශනයකට අදාළව එම විමර්ශනය නොකරන බව දන්වා ලිපියක් ලබාදීමට හා එම විමර්ශනයට  අදාල ලිපියක්   විදුහල්පතිනියට ලබා දෙන බව සහ ඒ සඳහා කොමිෂන් සභාවේ නිලධාරීන්ට මුදල් ලබා දෙන බවට පවසා රුපියල්  30000   ක්    බැංකුගත කරනලෙස දැනුම්දී තිබේ.

එලෙසම අනෙක් ගුවන් හමුදා නිලධාරියා සම්බන්ධව අල්ලස් හෝ  දූෂණ කොමිෂන් සභාවේ පවතින විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට ඇති බව පවසා එසේ අත්අඩංගුවට නොගෙන සිටීමට සහ ඒ සම්බන්ධයෙන් ලිපියක් ලබාදීම සඳහා ඔහුගෙන් ඒ ආකාරයෙන් රුපියල් 30000  ක  අල්ලස් මුදලක් ඉල්ලා එම මුදලද බැංකු ගත කරන ලෙස දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.

 

 

 



අදහස් (2)

කලාකරුවා අල්ලස් දැලේ පැටලෙයි

Bunny Preena Friday, 25 July 2025 02:23 PM

කළාව ස්ථීර රැකියාව... මිනිසුන් රවටා අල්ලස් ගැනීමේ කලාව අතිරේක ආදායම් මාර්ගයක් හැටියට කරනවා ඇති...

:       0       4

කපුරුහාමි Friday, 25 July 2025 04:26 PM

ඔය, කියන කලාකරුවාගේ නම දාන්න බැරි කමක් තියෙනවාද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 93 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 337 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 61 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site