IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොල්ලුපිටියේදී සුපිරි මොටර් රථයක් පෙරළී ගිනිගනියි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ගාලු මුවදොර දෙස සිට කොල්ලුපිටිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ මොටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ මං තීර වෙන්කරන මැද පිහිටි බැම්මෙහි ගැටී අද (07) සවස සිදු වූ අනතුරින් මෝටර් රථය ගිනිගෙන විනාශ වී ඇතැයි කොල්ලුපිටිය පොලීසිය පවසයි .

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර මෝටර් රථයට හානි සිදුව ඇති බව පොලිසිය කියයි.

මෙම මෝටර් රථය ගාලු මුවදොර දෙස සිට  ගාලුපාර ඔස්සේ දෙහිවල දෙසට ගමන් කරමින් සිටියදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ මං තීර වෙන්කරන මැද පිහිටි බැම්මෙහි ගැටී අනතුර වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් මෝටර් රථය මාර්ගයෙ මැද උඩුබැලි අතට පෙරළි ගිනි ගෙන ඇති බවත් එම අවස්ථාවේදී  රියදුරු ලෙස කටයුතු කළ කාන්තාව ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව  මෝටර් රථයෙන් පිටතට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෝටර් රථයේ හටගත් ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ බව පැවසේ .

අනතුරින් මාර්ගය මැද ඉදිකර ඇති මං තීර වෙන්කරන කොටසට හානි සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ඳයෙන් අත්අඩංගුවටගත් කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වති.



අදහස් (4)

කොල්ලුපිටියේදී සුපිරි මොටර් රථයක් පෙරළී ගිනිගනියි

බද්රානි Friday, 07 April 2023 08:42 PM

ත්‍රීවිලර් රථයක් මේ විදිහට අනතුරක් කර ගත්තා නම්, එහෙම මේ පුවත කියවපු පිරිසයි, එයට අදහස් දක්වන පිරිසයි කියන ලොකු ලොකු කතා බලන්න තිබුණා ඕනෑ හැටියට.. ඒත්, ඉතින් ලොක්කෙකුගේ හයි ෆයි වාහනවලින් සිදුවෙන අනතුරු දකිද්දී දත කට පූට්ටු වෙලා නැට්ට බඩ යටට යනවා... ඔන්න ඕකයි ඇත්ත තත්වේ.. "උස තැන් දැක හැකිළෙන්නේ.. මිටි තැන් දැක පුප්පන්නේ.... පහත් තැනින් යයි ගලා ජලේ"

:       3       4

laankikayaSunday, 09 April 2023 12:05 AM

කොහොමත් ඉතින් ත්‍රීවීල් පදින්නේ නූගත් අය තමයි..., ඔවුන් ඉතින් ඒකෙන් යන්නේ ෆෝමියුලා රේස්... මේ වගේ මිල අධික වාහන මෙහෙම වෙන්නේ අහම්බෙන්..

:       1       0

BamunuarachchiWednesday, 12 April 2023 09:01 AM

ත්‍රීවීලර් කාරයෝ වගේද සුපිරි වාහනවල යන නෝනලා. මේ නෝනාට වැරැදිලා එක පාරටම බ්රේක් පෑගිලා...

:       0       0

Bamunuarachchi Tuesday, 11 April 2023 05:43 PM

අනතුරින් මාර්ගය මැද ඉදිකර ඇති මං තීර වෙන්කරන කොටසට හානි සිදුව තිබේ. දැන් මේවා හදන්න අර වාහනයේ රක්ෂණයෙන් ගෙවයිද? වහනය නම් පිච්චුනා ඉවරයි. ඒ වගේද මං තීර වෙන්කරන කොටසට සිදුවූ හානිය?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site