(අංජුල මහික වීරරත්න)
නව කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා ආයෝජකයින් වෙත ප්‍රාදේශීය කර්මාන්ත පුර වලින් ඉඩම් කොටස් ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1990 අංක 46 දරන කර්‌මාන්ත ප්‍රවර්ධන පනතේ විධි විධාන ප්‍රකාරව පිහිටුවා ඇති " ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව " මඟින් සහ අමාත්‍යාංශ ලේකම් විසින් පත් කර ඇති "අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව" මඟින් කර්‌මාන්ත පුරවල ආයෝජනය කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීම සිදු කරනු ලබයි.
ඒ අනුව, ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු විසින් නිර්දේශ කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා 42 ක් අතරින් ආයෝජන ව්‍යාපෘති 38 ක් සඳහා ඉඩම් කොටස් වෙන් කිරීමට අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් ද නිර්දේශ කර තිබේ.
එකී ආයෝජකයින් 38 දෙනා විසින් සිදු කරනු ලැබීමට නියමිත සමස්ත ආයෝජන වටිනාකම රුපියල් මිලියන 2,548.22 ක් වන අතර, එම කර්මාන්ත ව්‍යාපෘති හරහා සෘජු රැකියා අවස්ථා 1,559 ක් පමණ ජනනය කිරීමට ද අපේක්ෂිතය.
ඒ අනුව, එකී ආයෝජකයින් වෙත වසර 35 ක උපරිම කාලයකට බදු පදනම මත අදාළ කර්මාන්ත පුරවලින් ඉඩම් කොටස් ලබා දීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කර්මාන්තපුර වල ඉඩම් ආයෝජකයන්ට බද්දට දෙයි