කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන අමෙරිකාවේ රෝහලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයෙකු අමෙරිකානු රහස් ඔත්තු සේවය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ. අමෙරිකාවේ මිසෝරි ප්‍රාන්තයේ පිහිටි රෝහලක් මෙම පුද්ගලයාගේ ඉලක්කට බවට පත්වී තිබුණි.
ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශනයකට අදාළව බෙල්ටන් නගරයේදී මෙම 36 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීම සිදුවී ඇත.
මියගිය තැනැත්තා ජාතිවාදී සහ රාජ්‍ය විරෝධී අදහස් ඔස්සේ කටයුතු කළ බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.
තිමොති විල්සන් ලෙස හඳුනාගෙන ඇති ඔහු සම්බන්ධයෙන් මාස කිහිපයක සිට විමර්ශන සිදුකර ඇත.
රෝහලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමට පෙර මොහු කළු ජාතික සිසුන් විශාල පිරිසක් ඉගෙනුම ලබන පාසලකට සහ දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කර තිබූ බව ද හෙළිකර ගෙන තිබේ.
(බීබීසී)
-226-
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කොරෝනා රෝගීන් සිටි රෝහලක් පිපිරවීමට සැලසුම් කළ අයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට
Rasika Thursday, 26 March 2020 09:18 PM
අමෙරික්වේ ජාතිවාදය ඉහලින්ම තියෙනවා. මොහු ත්‍රස්තවධියෙක් උනත්, මෙලෙස වෙඩිතබා මරා දැමීම සම්පුර්ණයෙන්ම මානව හිමිකම් කඩකිරීමක් . මොකද ඒ අවස්ථවේ ඔහු බෝම්බ එල්ලකරලා නැහැ. එතකොට සැකයක් විතරයි තියෙන්නේ. දැන් ලංකාවේ හමුදාව බුද්දි අංශය කරපු වෙඩි තැබීම් එහෙම වැරදියි කියලනේ කියන්නේ ..
මුණසිංහ Friday, 27 March 2020 01:10 AM
ලංකාවේත් ඉන්නවා ඔය ජාතියේ පුද්ගලයින් ප්‍රසිද්ධියේ පම්පෝරි ගසමින්. ඒ අයට දෙන දඩුවම මොකක්ද? ඇමරිකාව මොකද කියන්නේ?
anura Friday, 27 March 2020 02:31 AM
එක්සත් ජනපද පාලකයන්ගේ අවශ්‍යතාවය වූයේ හැකි පමණ විශාල භායනකම ඝාතක අවි නිපදවීම මිස සාමාන්‍ය ජනතාවගේ වෛද්‍ය පහසුකම් සැළැස්වීම, විරැකියාව අඩු කිරීම වැනි ජනහිතකාමී දේවල් කිරීම නොවේ. ඔව්න් එම ප්‍රශ්ණ සියල්ල අමතක කර ලිබියාව, සිරියාව,ඉරාකය, ඉරානය වැනි රටවල් නරකාදී බවට පත් කිරීමට කටයුතු කරා. ශ්‍රී ලංකාව වැනි රටවලට එම රටවල සිටින ද්‍රෝහීන් සමග එක්ව මානව හිමිකම් වාදයක් ඉදිරිපත් කරමින් හිරිහැර කරමින් හා මෙලනියම් චැලෙන්ජ් යයි කියා ගන්නා ව්‍යාපාර මගින් එම රටවල ආර්ථිකයන් ගිල ගැනීමට මාන බලමින් සිටියා. ඔව්න්ගේ ලිබරල් වාදයට රටේ සිටිනා රෝගීන්ට සරලන විදිහට ඇඳන් ප්‍රමාණය වත් දීමට බැරි වෙලා තියෙනවා. නමුත් අපේ රටේ පොඩි පොඩි අඩුපාඩු තිබුනත් බහුතර ජනතාව මානුෂික හිත් ඇත්තන් නිසා මෙම ප්‍රශ්ණයට සාර්ථකව මුහුණ දී තිබෙනවා.