IMG-LOGO

කොරෝනා එන්නත් දෙකක් පරීක්ෂා කිරීම ඕස්ට්‍රේලියාවේදී ඇරඹෙයි

කොරෝනා වයිරසයට එරෙහිව භාවිතා කළහැකි එන්නත් දෙකක් සම්බන්දව විද්‍යාගාර මට්ටමින් පරීක්ෂා කිරීම ආරම්භ කළ බව ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සිය පවසයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇමරිකානු සමාගමක් වන ඉනෝවියෝ ෆාමසූටිකල් විසින් නිපදවා ඇති මෙම එන්නත් දෙක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සතුන් ආශ්‍රිතව පරීක්ෂා කිරීම සඳහා නිර්දේශ කර තිබේ.

ලෝකයේ මෙවැනි පර්යේෂණ අධීක්ෂණය කරන සම්මේලනය විසින් තෝරාගත් විකල්ප එන්නත් දෙකක් මෙලෙස ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් පරීක්ෂා කරනු ලබයි.

එම එන්නත් වයිරසයට එරෙහිව ක්‍රියාත්මක වන්නේ ද යන්න හා ඒවා මිනිසාට ආරක්ෂිත ද යන්න ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සිය විසින් කත්සේරු කරයි.
මෙම එන්නත් පරීක්ෂා කිරීම සඳහා පසුගිය මාසයේදී ඇමරිකානු කාන්තාවකට ලබාදෙන ලද්දේ සත්ව පරීක්ෂණ අවධිය මගහරිමින් බව සඳහන් වේ.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානය පවසන්නේ ඔවුන් සිදුකරන පරීක්ෂණ සතුන් භාවිතා කර සිදුකරන ප්‍රථම සායනික අත්හදා බැලීම් බවයි.

පර්යේෂකයන් පවසන්නේ එන්නත මෙම අදියර සඳහා ලඟා වීමේදී ලොව පුරා සියලු රටවල් වලින් පෙර නොවූ විරූ සහයෝගයක් ලැබුණු බවයි.
"සාමාන්‍යයෙන් වෙනත් එන්නතකට මෙම අවස්ථාවට ලඟාවීමට අවුරුදු 1ත් 2ත් දක්වා කාලයක් ගතවෙනවා. ඇත්ත වශයෙන්ම කොරෝනා එන්නත සඳහා ගතවුණේ මාස දෙකක් වැනි කෙටි කාලයක්." යනුවෙන් ඕස්ට්‍රේලියානු පර්යේෂණ ආයතනයේ ආචාර්ය රොබ් ග්‍රෙන්ෆෙල් මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

පසුගිය දින කිහිපයේදී පර්යේෂණ කණ්ඩායම විසින් එන්නත් සාම්පල ලෝම සහිත කුඩා ක්ෂීරපායීන්ට ඇතුල් කිරීම සිදුකරන ලදී.
සත්ත්ව පරීක්ෂණ වල පළමු ප්‍රතිඵල ජුනි මස මුලදී හෙළි කළ හැකි බව විද්‍යාඥයෝ පවසති.

ඒවා සාර්ථක වුවහොත් වෙනත් ස්ථාන වල විද්‍යාගාර වල සිදුකළහැකි සායනික අත්හදා බැලීම් වලට ගෙන යා හැකිය.
මෙම ඖෂධය සාමාන්‍ය වෙළඳපොලට ඉක්මනින් ලබා දිය හැකි නමුත් එහි නියාමන පරීක්ෂණ සහ ප්‍රමිතීන් සලකාබැලීම සඳහා අවම වශයෙන් මාස 18ක කාලසීමාවක් ගතවනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවති.
ලොවපුරා රටවල් වල රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි දැඩි සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස එන්නත සාර්ථක වනු ඇතැයි සර්ව සුභවාදීව  අපේක්ෂා කරන බව වෛද්‍ය ග්‍රෙන්ෆෙල් වැඩිදුරටත් පවසයි. 


(බීබීසී ඇසුරිණි - 085)
 



අදහස් (0)

කොරෝනා එන්නත් දෙකක් පරීක්ෂා කිරීම ඕස්ට්‍රේලියාවේදී ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 276 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 449 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site