
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් ෆහීම් උල් අසීස් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුවිය.
මෙහිදී ස්කොච්, හොකී වැනි ක්‍රීඩාවන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දෙරට අතර සාකච්ඡා තවදුරටත් සිදු කළ යුතු බව සාකච්ඡා කෙරුණි.
දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කරගත හැකි ක්‍රීඩාවන් පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙසත්, ඉදිරියේ දී ඒ පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහකොමසාරිස් මෙහිදී සඳහන් කළේය.
දෙරටේ තරුණ ප්‍රජාව අතර සහයෝගීතාවය පුළුල් කිරීම පිළිබඳවත් මෙහිදී තවදුරටත් සාකච්ඡා කෙරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd