IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


කිම් ජොන් උන්ගේ නැගණිය ඇමෙරිකාවට තර්ජන කරලා

සෝල්හිදීය (රොයිටර්)
උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා මෙන්ම, ඔහුගේ සොහොයුරිය ද වන කිම් යෝ ජොං  ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළාය.
ඇමෙරිකාව, දකුණු කොරියාව සමඟ එක් වී දිගින් දිගටම හමුදා අභ්‍යාස පවත්වන්නේ නම්, ඇමෙරිකානුවන්ට සැනසිල්ලේ නිදා ගැනීමට ඉඩක් ලබා නොදෙන බව  කිම් යෝ ජොං අනතුරු අඟවමින් පවසා තිබේ.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සතු පාලන බලතල මේ වනවිට සිය සොහොයුරිය කිම් යෝ ජොං ට පවරා දී තිබේ. කිම් යෝ ජොං සෘජුව ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
උතුරු කොරියාවේ මිතුරු රටවල් සමඟ ද එක් වෙමින්, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණයක් සිදු කිරීමට බයිඩන් පරිපාලනය සූදානමින් සිටී.
ඇමෙරිකන් ජනපති ධුරයේ කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී, ආරම්භ කළ එම න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා දිගටම පවත්වා ගැනීමට ජෝ බයිඩන්  තීරණය කර තිබේ. බයිඩන් පරිපාලනය, සාකච්ඡා සඳහා උතුරු කොරියාවට ඇරැයුම් කළ නමුත්, උතුරු කොරියාවෙන් යහපත් ප්‍රතිචාර ලැබී නැත.



අදහස් (0)

කිම් ජොන් උන්ගේ නැගණිය ඇමෙරිකාවට තර්ජන කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site