IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කැබ් රියේ ගැටුණු සිසුවා මරුට

(  සිතුම් චතුරංග)

යාපනය නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චය පලෙයි ප්‍රදේශයේදී කැබ්රථයක් පාපැදියක ගැටී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් මියගොස් ඇතැයි පලෙයි පොලිසිය පවසයි.

නිවසට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීම සඳහා වෙළෙඳසැලකට ගමන් කරමින් සිට මාර්ගයේ එක්පසෙක සිට අනෙක් පසට ගමන් කිරීමට උත්සහා කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

එලෙස අනතුරින් ජීවිතක්ෂයටපත්ව ඇත්තේ යාපනය,මුල්ලෙඅඩි ප්‍රදේශයේ පදිංචි රාජපාස්කරන් යකුසිකන් නමැති 13 හැවිරිදි පාසල් සිසුවෙක් බව පොලිසිය පැවසීය.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවා කිලිනොච්චිය රෝහල වෙත රැගෙන එමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

කැබ්රථයේ අධික වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවට සිදුකළ විමර්ශනවලදී ආනාවරණයවූ බවත් පැවසීය.

අනතුර සම්බන්ධයෙන් කැබ්රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.‍ෙ



අදහස් (1)

කැබ් රියේ ගැටුණු සිසුවා මරුට

Bunny Preena Friday, 07 July 2023 11:08 AM

සෞදි අරාබියාව වගේ රටක වගේ නීතියක් ගෙනාවා නම් මහා මාර්ගයේ ඉගිල්ලෙන කට්ටිය බොහෝම ප්‍රවේසමෙන් රිය පදවයි. මාර්ග අනතුරු අඩුවෙයි. මාර්ගයේ ගමන් කරන අහිංසක ජනයාට මරබියක් නැතිව ගමන් බිමන් යන්න පුළුවන් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site