සිතුම් චතුරංග
ඇඳිරි නීතිය ඉවත්කිරීමෙන් පසු පුද්ගලයින් වෙත කිලිනොච්චිය කනගපුරම් හි මත්පැන් අලෙවි කළ ස්ථානයක් කිලිනොච්චිය පොලිසිය හා සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තැබූ බව පොලිසිය කියයි.
කිලිනොච්චිය කනගපුරම් හි මත්පැන් අලෙවිකරන අවන්හලක් පිළිබඳ පොලිසියට ලැබුණ තොරතුරක් මත නිලධාරීන් වැටලීම කර ඇති බවත් එහි සේවකයින් විසින් මත්පැන් පුද්ලයින් වෙත අලෙවිකර ඇති බවද පොලිසිය පැවසීය.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදීද ඉහළ මිළගණන් යටතේ මෙම ස්ථානයේ මත්පැන් අලෙවිකර ඇති බවට තොරතුරු අනාවරණයවූ බවද පැවසීය.
අවන්හලේ හිමිකරු විසින් අවන්හල පවත්වාගෙන යන අතරතුර එහි මත්පැන් අලෙවිහළද පවත්වාගෙන ගොස් ඇති බව කිලිනොච්චිය පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ අවන්හලේ හිමිකරුට හා එහි කළමනාකරුට එරෙහිව නඩු පවරන බවත් එතෙක් අවන්හල හා මත්පැන් ගබඩාව මුද්‍රාතබන බවත්ය.
කිලිනොච්චිය පොලිසිය විසින් රජය විසින් පනවා ඇති ඇඳිරිනීතිය කඩකරමින් මත්පැන් අලෙවිකිරීම සම්බන්ධයෙන් නඩු පවරන බවත් සුරාබදු නිලධාරීන් විසින් අවන්හලේ මත්පැන් බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් මත්පැන් විකිණීම සම්බන්ධයෙන් එහි හිමිකරුට නඩු පවරන බවත් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවටගෙන නොමැති අතර හිමිකරු හා කළමණාකාරවරයා කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට කැඳවීමට නියමිත බවද පොලිසිය කීය.
කිලිනොච්චිය පොලිසිය හා සුරාබදු කාර්යාලය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කනගකපුරම් මත්පැන් අලෙවිහළකට මුද්‍රා තබයි