(යොහාන් භාසුර)
ශුද්ධෝත්තම පියතුමන් ඇතුළු විශ්ව කතෝලිකක සභාව මරණ දඩුවම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් හිටපු නියෝජ්‍යපොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට මරණ දඩුවම දියයුතු යැයි ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කළ ප්‍රකාශය කතෝලික සභාවේ මතය නොවන බවත් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද (21) පැවසූහ.
සිරිල් ගාමිණී පියතුමා කොළඹ අගරදගුරු නිවසේදී විශේෂමාධ්‍ය හමුවක් පවත්වමින් අද (21) එසේ පැවසූහ.
පුද්ගලයෙක් කුමන ආකාරයේ වරදක් කළත් කතෝලික සභාව මරණ දඩුවම නියම කරන ලෙස ප්‍රකාශ නොකරන බව කී සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ එම ප්‍රකාශය කළ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා මහනුවර සිටින බැවින් එම මාධ්‍ය හමුවට සහභාගි නොවීමට නොහැකි වුවද එම ප්‍රකාශය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන ලෙස දැනුම්දුන් බවත්ය.
එම ප්‍රකාශය කිරීමට පෙර ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා “මගේ මතයට අනුව මරණ දඩුවම වුවත් දියහැකියි” යැයි පැවසූ බව කී සිරිල් ගාමිණී පියතුමා ‘පාස්කු ඉරුදින ත්‍රස්තප්‍රහාර’ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන් නීතිය ඉදිරියට ඉදිරිපත් කළ යුතු යැයි කතෝලික සභාවේ ස්ථාවර බව ද සඳහන් කළහ.
නිලන්ත ජයවර්ධනට එරෙහිව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිදේශ ක්‍රියාත්මක කර ඔහුට එරෙහිව අපරාධ නඩුවක් පිළිබඳව නීතිපතිවරයා කටයුතු කළ යුතු යන්න කතෝලික සභාවේ මතය බවත් සත්‍ය සොයාගැනීම සහ සාධාරණය ඉටුකිරීම කතෝලික සභාවේ ඉල්ලීම වන අතර වැරදිකරුවන්ට දඩුවම්දීම කතෝලික සභාවේ කරුණක් නොවන්නාක් මෙන්ම දඩුවම්දීම නීතියේ සහ අධිකරණයේ කටයුතුක්තක් බවත් පියතුමා කීහ.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරු අදාළ තනතුරුවට පත්කරන්නැයි අතිඋතුම් කාදිනල් හිමිපාණන් ජනාධිපතිවරයාගෙන් හෝ වෙනත් කිසිඳු පුද්ගලයෙක්ගෙන් කිසිඳු ඉල්ලීමක් කවදාවත් කර නොමැති බවත් ඉතාම පැහැදිළිව අවදාරණය කරන බවත් වර්තමාන හමුදාපතිවරයාට සේවා දිගුවක් දෙන ලෙස කාදිනල්හිමිපාණන් හෝ කතෝලික සභාව කිසිඳු ඉල්ලිමක් කරනොමැති බවත් පියතුමා සඳහන් කළහ.
එවැනි ඉල්ලීම් කළ බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් රාජ්‍ය පාලනයට මැදිහත්වීමට කාදිනල්හිමිපාණන්ට හෝ කතෝලික සභාව කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් පියතුමා පැවසූහ.
කතෝලික සභාව යම් කාලයකදී කළ ප්‍රකාශයක් පාදකරගෙන මෙම ප්‍රකාශය නිර්මාණය වී ඇතැයි අනුමනා කරන බව කී සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ 2023 වසරේ ඔක්තෝබර් මස 9 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ‘පාස්කු’ ප්‍රහාරයේ පරීක්‍ෂණ පිළිබඳව ලිපියක් යොමු කළ අතර එම ලිපියෙන් එම ප්‍රහාර සිදුවූ අවස්ථාවේ සිට විමර්ශනය කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිටි ඒ වන විට මාරුවීම කර තිබූ නිලධාරීන් නැවත පරීක්‍ෂණවලටට සම්බන්ධ කරන ලෙස කාදිනල්හිමිපාණන් ඇතුළු ‘පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව කතෝලික ජාතික කමිටුව’ ඉල්ලීමක් කළ බව ද සඳහන් කළහ.
ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා ස්ථාන මාරු කළ සීඅයිඩී නිලධාරීන් අතර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරු ද සිටි බවත් ‘පාස්කු ප්‍රහාරය’ට සම්බන්ධ පරීක්‍ෂණයේදී සත්‍ය හෙළිදරව් කර ඊට සම්බන්ධ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සහ විමර්ශන ස්වාධිනව, විනිවිදභාවයෙන් සහ අවංකව කිරීම පමණක් එම ලිපියෙන් ඉල්ලා සිටි අතර එය හැර වෙනත් කිසිඳු ඉල්පීමක් රජයෙන් හෝ ජනාධිපතිවරයා නොකළ බවත් පියතුමා කීහ.
‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ සම්බන්ධයෙන් එක ජනාධිපති විමර්ශන කොමෂන් සභාවක් පමණක් පැවැති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ ඉමාම් සහ ජයකොඩි අල්විස් ලෙස කමිටු දෙකෙන් එක කමිටුවක් ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නට චෝදනා එල්ල කර තිබූ බවත් එම කමිටු පත්කිරීමේදීම කතෝලික සභාව එම කමිටු දෙක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රනිල් වික්‍රමිසංහ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත් සිරිල් ගාමිණී පියතුමා වැඩි දුරටත් සඳහන් කළහ.
ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ඊයේ (20) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ නිලන්ත ජයවර්ධන මහතාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම හෝ මරණ දඩුවම හෝ දියහැකි බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කතෝලිකක සභාව මරණ දඩුවම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා