(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගැනීම මේ සතියේදී අරඹන බව සමගි ජන බලවේගය පවසයි.
එම විශ්වාසභංග යෝජනාව සකස් කරගෙන යන බවත් යෝජනාව බොහෝ දුරට එන සතියේ දී භාරදීමට නියමිත බවත් පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කතානායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මෙහිදී කතානායකවරයාගේ එම තීරණය විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. එම සිද්ධිය මෙන්ම විවිධ විසමාචාර ක්‍රියා පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බව සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කතානායක විශ්වාසභංගෙට අත්සන් ගැනීම අරඹයි