(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
උණ්ඩ සහ ගිනි අවියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු හා පිය පුතු දෙපළක අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් කඩු පහර කා තුවාල ලැබූ විශ්‍රාමික සෙබළාගේ නිවසේ තිබී උණ්ඩ 46ක් සමග එම සෙබළා අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය කියයි.
කටාන කෝංගොඩවත්තේ පිහිටි යුද හමුදා සෙබළාගේ නිවසක් අසල වළදමා උණ්ඩ හා ටී පනස් හය ගිනි අවියක මැගසිනයක් සෙයාගන ඇත.
මෙසේ අත්අඩංගුවට පත් වී ඇත්තේ පනස් හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකි .
විශ්‍රාමික සෙබලාගේ අසල්වැසි නිවසක වෙසෙන පියකු හා පුතා ඔහුගේ නිවසට පැමිණ බැන තර්ජනය කර සෙබලාගේ වම් අතට කඩු පහරක් එල්ල කිරීමෙන් තුවාල ලබා ඇත තුවාල ලැබූ හිටපු හමුදා සෙබළා සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් ඒකකයට කරන ලද පැමිණිල්ලක් මත බඩල්ගම පොලිසියේ නිලධාරීන් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත .
වසර දෙකකට පමණ පෙර සැකකරුවන් මෙම හමුදා සෙබලාගෙන් ගිනි අවියක් ලබා ගත් බවට හා ඊට අදාළ පතරොම් ඉල්ලමින් මෙසේ බැන තර්ජනය කර කඩු පහර එල්ල කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .
ඒ බව හෙළි වීමෙන් පසු පොලිස් කණ්ඩායම වැඩිදුරටත් පැමිණිලිකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී උන්ඩ හා ගිනි අවි කොටස් ඔහුගේ නිවස පිටුපස පොල් ගසක් අසල වළ දමා ඇති බව අනාවරණය කර ගෙන ඇත.
හෙළිවූ තොරතුරු මත අදාළ ස්ථානය කැණීමේ දී ටි පනස් හය වර්ගයේ පතුරම් ගැබ ක් ටී පනස් අය උන්ඩ තිහක් සහ මිලිමීටර් නමේ පිස්තෝල උණ්ඩ දාසයක් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩු පහරින් උණ්ඩ 46ක් හමුවේ