IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


කටේ හයිය තිබුණට පුංචි ආණ්ඩු වල බලේ පිහිටු වන්න බෑ

(අංජුල මහික වීරරත්න)

කටේ හයියෙන් චන්ඩි කතාවලින් පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන්නට බැරි බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

ජනාධිපතිතුමා දැන් ගම්වල චන්ඩි වගේ ස්ටේජ් වලට ඇවිත් චන්ඩි ටෝක් දාන බවද මුජිබුර් රහුමාන් මහතා කීය.

"ඒ චන්ඩි ටෝක් දාලා නම් හරියන්නෙ නෑ. මොකද ජනාධිපතිතුමාට වැඩිය ලොකු චණ්ඩියෙක්නෙ ගෝඨාභය.අන්තිමට මොකද වුනේ. කෙලව ගත්තනේ.ජනාධිපතිතුමාගේ මේ කතාවෙන් එයාට තවත් සීයට දහයක් ඡන්ද නැති වුණා.

මේ රටේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතක් තියෙනවා.මුලින්ම ජනාධිපතිතුමා සභා හදන විදිය ගැන ඒ ආඥා පනත කියවන්න ඕන.කටේ හයියෙන් චන්ඩි කතා වලින් පළාත් පාලන ආයතන වල සභා පිහිටුවන්න බෑ.

ජනාධිපතිතුමාට ලැබුණේ නීතියේ ආධිපත්‍ය, සිස්ටම් එක හදන්න ජනවරමක්.අද ඒ නීතියේ ආධිපත්‍යයට, ජන වරමට ජනාධිපතිතුමා පස්ස හරවලා තියෙන්නේ.ඒක ගැන කිසිම තැකීමක් නෑ යනුවෙන්ද මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මුජිබුර් රහුමාන්  මහතා කීය.



අදහස් (3)

කටේ හයිය තිබුණට පුංචි ආණ්ඩු වල බලේ පිහිටු වන්න බෑ

NuwanS Friday, 16 May 2025 04:37 PM

යකෝ, බලය පිහිටුවනවා කියන්නේ තම තමන්ගේ පක්ෂයේ හෝ පක්ෂ එකතුවෙලා ආන්ඩු බලය පෙන්නන එක නෙමෙයි. ජනතාවට, රටට සේවයක් කරන්නේ කොහොමද කියලා ක්‍රියා මාර්ගයක් ගන්න එකටයි. ඔබලාගේ කට වාචාල අහන්න මිනිස්සු සූදානම් නෑ. මේ කිසිම පක්ෂයකට නැතිව කියන්නේ. ඔබලාට මිනිස්සු සෑහෙන කල් දුන්නා. බම්බුවද කලේ...? ආපු අයටත් ටිකක් කරන්න දීපල්ලා. ඔබලා කර දේම කළොත්, ඒක ජනතාව හැටියට විසඳන හැටිත් අපි දන්නවා. මොකද ඒකට අපිටත් දැන් පලපුරුද්ද තියෙනවා.

:       3       15

ගමේ එකාලා Friday, 16 May 2025 06:12 PM

පුන්චි ආණ්ඩුවල බලය අල්ලන්න කලින් අසමගි ජන බලවේගයේ තියෙන ප්‍රශ්න ගැන බැලුවා නම් හොඳ නැද්ද? පක්ෂයවත් හරියට කරගන්න බැරි අය බලය අල්ලන්න හදනවා...!

:       0       8

NPP Friday, 16 May 2025 06:14 PM

නුවන් ඔබගේ අදහසට මමත් එකඟයි. මොකද අපි පුදුම දුකක් වින්දේ මොවුන්ට ඡන්දේ දීලා. අවුරුදු ගණන් පිටරටවල දුක්විඳින්න සිදුවුණා. මේ අය මොකද කලේ, කරපු එකම දේ ජාතිවාදය ඇතිකරලා රට නන්නත්තාර කරලා, පුළුවන් තරම් හොරාකාලා, ඒ ගොල්ලො සැපවින්දා... දැන් සැප අඩුවෙනකොට කෑගහනවා. මොවුන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්න ඕනෑ.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 56 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1628 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site