(ඉන්දිකා රාමනායක )
යාපනය ඩෙල්ෆ් දූපතට බටහිර දෙසින් වූ මුහුදු සීමාවේ නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ඩිංගි යාත්‍රාවකින් රැගෙනවිත් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 283 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි 9 ට අධික බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සීජී 402 මුර යාත්‍රාව යොදවා ඊයේ ( 04 ) කාලයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මෙම සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නවතා පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.
එම ඩිංගි යාත්‍රාව තුල උර හයක (06) පාර්සල් 76 ක් වශයෙන් අසුරන ලද කේරළ ගංජා කිලෝ 283 ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් තිබූ බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 93 කට අධික බව නාවික හමුදාව පවසයි. සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 19 ත් 51 ත් අතර වයසේ පසුවන මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් ඇත.
සැකකරුවන්, සහ කේරළ ගංජා විමර්ශන කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිසිය බාර දී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෝටි 9ක කේරළ ගංජා සමඟ 3ක් මාට්ටු