IMG-LOGO

කජු කන්න ගිය තරුණිය හමුදා බසයට යටවී මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය​)

කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුපුරයදී  හමුදා සෙබළුන් ගමන් ගත් බස් රථයක් නවතා තිබූ යතුරුපැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ විසි දෙහැවිරිදි අවිවාහක තරුණියක මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .

මෙසේ මියගොස් ඇත්තේ කදාන රජයේ ඉඩම පදිංචිව සිටි විතානගේ දිමුතු රසාංජලී නැමැති විසි දෙහැවිරිදි  පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරියකි.

මියගිය තරුණිය ඇගේ පෙම්වතා සමඟ උඩුවක ඇල්ල නරඹා ආපසු එමින් සිටියදී කජු මිලදී ගැනීම සඳහා යතුරු පැදිය නවතා තිබී ඇත.

තරුණිය යතුරුපැදියේ අසුනේ වාඩිවී සිටියදී පෙම්වතා කජු මිලදී ගැනීමට ගොස් ඇතැයි ද ඒ  අවස්ථාවේ කොළඹ දෙසට ගමන් කළ හමුදා සෙබළුන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථය යතුරු පැදියේ ගැටීමෙන් තරුණිය බරපතළ තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.

රෝහලට ඇතුළත් කෙරුණු තරුණිය එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇති අතර බස් රථය කඩා වැදීමෙන් කජු අලෙවිය සඳහා තබා තිබූ කුටිය පොඩිපට්ටම් වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි .

යක්කල රණවිරු ඇපරල් ආයතනය වෙත හමුදා සෙබළ සෙබළියන් ප්‍රවාහනය කරන මෙම බස් රථය කුලී පදනම මත  ලබා ගත් එකක් බව ද හෙළි වී ඇත.

වැස්ස ද පැවති  අවස්ථාවේ බසයේ  රියදුරාට එය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුවී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත


 

 



අදහස් (3)

කජු කන්න ගිය තරුණිය හමුදා බසයට යටවී මරුට

ලුම්බිණි Wednesday, 05 April 2023 10:22 AM

හමුදාව උනාම කොහොමත් යන්නේ වේගෙන් නේ.

:       0       0

Indika Wednesday, 05 April 2023 01:42 PM

රණවිරුවෝ කොහොමත් පාරේ යන්නේ අමුතු ගැම්මකින් .එතකොට ඔය වගේ දේවල් වෙනවා .දවසක් මම නොමැරී බෙරුනෙත් පෙර කල පිනකට

:       0       0

ruwan Wednesday, 05 April 2023 02:58 PM

මේ පලවෙනි පාර නෙමෙයි ආමි බස් මිනිස්සු යට කරලා මැරුවේ .මේක හරියට වෙනවා.මුන් පාරේ යන්නේ යක්කු වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 179 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 691 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1088 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site