IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඖෂධ හිඟයට වගකීමෙන් යුතු විසඳුමක් ඉල්ලයි

(යොහාන් භාසුර)

රජය රෝහල්වල පවතින ඖෂධ සහ උපකරණ හිඟයට පිළියමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛනයෙන් ප්‍රායෝගික ගැටලු රැසක් මතුවන බවත් එම ගැටලු සහ අදාළ චක්‍රලේඛනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග කඩිනමින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැබෑ වගකීම වනුයේ චක්‍රලේඛන නිකුත්කර ඖෂධ හිඟය සඟවා දැමීම නොව සෞඛ්‍ය පද්ධතිය සඳහා අවශ්‍ය ඖෂධ සහ උපකරණ අඛණ්ඩව ඉහළ ප්‍රමිතියකින් යුතුව සපයා දීම බවත් එම වගකීම පැහැර හරිමින් ඖෂධ හිඟයට විසඳුමක් නොදී කල්මැරීම වෙනුවට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ අත්හළ නොහැකි වගකීමට උරදීමට පාලකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කඩනමින් කටයුතු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාස් සුගතදාස මහතාගේ අත්සනින් යුත් එම නිවේදනයේ සඳහන්වේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ එම චක්‍රලේඛනයට අනුව කුමන ඖෂධ හිඟදැයි දිනපතා සායන, බාහිර රෝගී අංශ, වාට්ටු, ශල්‍යාගාර, දැඩිසස්කාර ඒකක ඇතුළු සෞඛ්‍ය සේවා සපයන සියළුම ඒකක වෙත අධ්‍යක්ෂකවරු සහතික කර එවිය යුතු නමුත් බහුතරයක් රෝහල්වල එම කාර්ය මේ වන විටත් ක්‍රියාත්මක වී නොමැති බව ද එම නිවේදනය සඳහන්ව තිබේ. 



අදහස් (0)

ඖෂධ හිඟයට වගකීමෙන් යුතු විසඳුමක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 621 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 758 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site