(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය සේවාවට ඖෂධ, ශල්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු සේවාවන් සඳහා වෙන් කරන මුදල් කිසිදු ප්‍රමාදයකින් තොරව ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
කිසියම් රෝහලක ඖෂධ, ශල්‍ය වෛද්‍ය උපකරණ හිඟයක් පවතිනවා නම් ඊට හේතුව මුදල් හිඟතාවයක් නිසා නොව අදාළ ක්‍රියාවලියේ පවතින යම් යම් දෝෂ නිසා බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනකු සීමාවාසික පුහුණුවට බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි ප්රදානය වෙනුවෙන් කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවති උත්සවයේදීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ක්රමාණුකූලව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව මෙම නව සීමාවාසික දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් ලිපි ප්රදානය සිදු කරනු ලැබීය.
දන්ත වෛද්‍ය ක්ෂේත්රයට එක් වූ නව ක්‍රමවේදයක් ලෙස දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන්ට මෙහිදී විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ සේවය කර පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව උදා වන අතර, දන්ත වෛද්‍ය ක්ෂේත්රයේ අධ්‍යාපනය පුළුල් කිරිම, අධ්‍යාපනය ඉහළට නැංවීම සහ සායනික ධාරිතාවය ඉහළ නැන්වීමේ අරමුණින් මෙම සීමාවාසික පුහුණුව ලබාදෙනු ලැබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඖෂධ-ශල්‍ය උපකරණ ගන්න සල්ලි මින් පසු ප්‍රමාද නෑ