IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් අගමැතිනි හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ධූරකාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක්  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

මහ කොමසාරිස්වරයා පිළිගනිමින් තම ධුර කාලය තුළ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහු දැක්වූ සැලකිය යුතු දායකත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාව පළ කළාය.

 මෙහිදී  මහකොමසාරිස්වරයා රජය විසින් මෑත කාලීනව ගත් ක්‍රියාමාර්ග අගය කළ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් සඳහා ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද සඳහන් කළේය.

සාකච්ඡාව අතරතුර, ආයතනික විධිවිධාන ශක්තිමත් කිරීම, කලින් ඇනහිට තිබූ ව්‍යාපෘති නැවත පණ ගැන්වීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු රජයේ ප්‍රමුඛතා පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විස්තර කළාය.  එවැනි ව්‍යාපෘතීන්හි වැදගත්කම පිළිගත් මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු ව්‍යාපෘතීන්  සඳහා ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලැබෙන බව අවධාරණය කළේය.



අදහස් (0)

ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් අගමැතිනි හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 237 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 413 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site