(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගොතටුව පොලිස් ස්ථානයේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝවක් නරඹමින් රාජකාරියේ යෙදීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා කරුණු විමසා අවවාද කළ අවස්ථාවේ ඔහු ස්ථානාධිපතිවරයාට අසභ්‍ය වචනයෙන් බැන වැදී පොලිස් ස්ථානයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම ආධුනික කොස්තාපල්වරයා පොලිස් ස්ථානයේ තනිකඩ බට නිවෙසට ගොස් පොලිස් නිල ඇඳුම් ගලවා දමා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී නිල ඇඳුම් සහ පොලිස් නිල හැදුනුම් පත ද රැගෙන ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
ගොතටුව පොලිස් ස්ථානයේ දුරකතන ක්‍රියාකරු ලෙස මෙම ආධුනික කොස්තාපල්වරයා පෙරේදා දුරකතන ක්‍රියාකරු ලෙස රාජකාරියේ යොදවා සිටිය අතරවාරයේ සිය ජංගම දුරකතනයෙන් වීඩියෝවක් නරඹමින් සිට ඇතැයි කියති.
රාජකාරියේ යෙදී සිටි සෙසු පොලිස් නිලධාරීන්ගේ සහ නිලධාරිනියන්ගේ රාජකාරියට මෙය බාධාවක් වන බව කියමින් පාලන අංශයේ රාජකාරී කරන පොලිස් නිලධාරිනියක මේ බව පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඕ.අයි.සී ගේ අවවාදය පී.සීට අජීරණයක් වේ