IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


එතෙර ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 695ක්

(විමුක්ති එස් රුද්‍රිගු)

විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 695.7 ක මුදල් ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවත් එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 25.2 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.

ඒ අනුව මෙම වසරේ පළමු මාස 9 තුළ විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.81 ක මුදල් ප්‍රමාණයක් ඒවා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 9 ට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 555.6 ක සහ පසුගිය වසරේ පළමු මාස 9 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.84 මුදල් ප්‍රමාණයක් මෙරටට ඒවා තිබිණි. 2018 වසරින් පසුව වසරක් තුළ ශ්‍රී ලංකාවට ලැබුණු ඉහළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේදී මෙරටට ලැබී තිබූ අතර විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක මුදල් ප්‍රමාණයක් මෙරටට ඒවා තිබුණේය. එය 2023 වසරට සාපේක්ෂව සියයට 10.1 වර්ධනයක් විය.

වත්මන් ප්‍රවණතාව අනුව ශ්‍රී ලංකාවට එම ඉලක්කය මෙම වසරේදී පහසුවෙන් පසුකර යාමට හැකියාව ලැබෙනු ඇතැයි පැවැසෙයි.

 



අදහස් (3)

එතෙර ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 695ක්

Praba Sunday, 12 October 2025 06:42 PM

ඒවයින් සල්ලි තියෙන අය වාහන ගෙන්නනවා. වාහන බදු වලින් රජය පඩි ගෙවන්න.

:       1       10

පන්සිළු Sunday, 12 October 2025 06:48 PM

කොරෝනා වසංගතය එක්කම රට වැටුණු වෙලාවෙ දැනට පාලනයේ ඉන්න අය කිව්වෙ රටට ඩොලර් එවන්න එපා කියලා. ඒ තරම්ම නින්දිතයි එයාලගෙ ආකල්ප. නමුත් රටට ආදරය කරන මිනුසුන් තම තමන්ට හැකි පමණින් රටට මුදල් එව්වා. දැනුත් එවනවා. ඔවුන් එවන ගාණ ගණිනවා සේම ඔවුන් ගැන බලන එකත් රටේ යුතුකම

:       7       16

niluka Sunday, 12 October 2025 07:08 PM

රට ඉන්න අයට දුක්විදලා හම්බ කරන්නේ ඉතින් එයාට මෙහෙ දෙයක් කර ගන්න ගියාම රට වැඩ කරන්නේ කියලා ණයක් ගන්න ගියත් දෙන කාල සිමාව අඩුයි එයාලටත් සහනයක් දෙන්න

:       3       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 499 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 334 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site