(යොහාන් භාසුර සහ සුජිත් හේවාජුලිගේ)
විදේශ සංචාර සඳහා වියදම් කරන්නේ සිය පෞද්ගලික මුදල් බවත් ඒ සඳහා රජයේ මුදල් වියදම් කරන බවට පළ වන පළ වන මාධ්‍ය වාර්තාව අසත්‍ය බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්න් සඳහන් කරයි.
වර්තමාන සහ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් වරප්‍රසාද හිමිවන බවට කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක් වැරැදි ලෙස අර්ථකථනය කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් සඳහා රජයේ මුදල් වැය කරන බවට මාධ්‍ය වාර්තා පළ වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
441
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
246
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එතෙර සිටින ගෝඨාට රජයෙන් විදයම් නෑ
පිටිගල මිලානෝ Wednesday, 17 August 2022 10:11 AM
සීනි සහ ඇවන්ගාර්ඩ්…..
ලුම්බිණි Wednesday, 17 August 2022 10:20 AM
බන්දුල ගුණවර්ධන කිව්වේ රජය තමයි වියදම් දරන්නේ කියල නේද?
ganegoda Wednesday, 17 August 2022 01:19 PM
ඒකනේ අපි එයාට බෝක්කු කටා කියන්නේ...!
සෑම් Wednesday, 17 August 2022 10:43 AM
අනේ යන්න බොරු නොකියා... රට සහමුලින්ම බංකොළොත් කරපු අයට පිටරට සැප විඳින්න සල්ලි දෙන්නේ රජයෙන්... මොවුන් ඒවා විදේශ අමාත්‍යංශයේ වෙන වැඩවලට තිබෙන සල්ලි වලින් ගෙවනවා. මොවුන්ට හෙන ගහන්න ඕනෑ කරන අපරාධවලට...
sena Wednesday, 17 August 2022 11:04 AM
එයාට මොකටද රජයේ සල්ලි පහුගිය කාලෙ හොයාගත්ත එවා මදිද?
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 August 2022 11:36 AM
රජයේ කොහොම වුනත් රටේ මුදල් බවනම් පැහැදිලියි. මේ අයගේ අතීතය දන්නා අය ඔවුන්ගේ පරම්පරාගත වත්කම් ගැන හොඳින් දන්නවා. ඒ පෞද්ගලික මුදල් ආවේ කෙසේද කියා මේ බොහෝ ජනතාව දන්නවා. රටේ භාණ්ඩාගාරය නිකන්ම හිස් වී රට බංකොළොත් වුණේ නැහැ. හොරකම, වංචාව, දූෂණය ඉහවහා ගියා. ඒ නිසා රට බංකොළොත් වුණා. ඒවාට වගකිවයුතු තවත් සමහර දෙනා හොරකම්, වංචා, දූෂණ නොවූ බව හඟවන්න හදනවා. ඒත් සත්‍යය දන්නා අය දන්නවා...
senaWednesday, 17 August 2022 12:25 PM
ගෙනියන්න අමතක වෙලා කෝටි දෙකක් දාලා ගියනා නම් තව කොච්චර ගෙනියන්න ඇතිද?
ගමේ එකාලාWednesday, 17 August 2022 05:02 PM
අනේද කියන්නේ? මහින්දගේ ගිණුමෙන් සල්ලි බාගත්තු එකත් කාලයක් යනතුරාම දැන්ගන්න බැරි වෙච්චි එකේ පවුල් පාලනේ උදවිය මොනතරම් මුදල් කන්දරාවක් ගසාකන්න ඇත්ද?
ganegoda Wednesday, 17 August 2022 11:46 AM
ඒකට කමක් නෑ. හැබැයි ඔහෙටම වෙලා හිටියොත් තමයි ඇඟට ගුණ..!
fairoos Wednesday, 17 August 2022 12:15 PM
අනේ මෙහෙමත් හෙන වදින බොරු. රටින් පනින කොට පෙට්ටි ගනන් අරන් ගියේ කාගේ සල්ලිද?
බුද්ධික Wednesday, 17 August 2022 01:21 PM
හමුදාවේ සහ ජනාධිපති තනතුරේ විශ්‍රාම වැටුප හැරුණාම මෙයා වෙනත් දේපළ හෝ ව්‍යාපාරික වැඩක් කරපු අයෙක් නෙවෙයි. එතකොට කොහොමද මේ තරම් වියදම් කරන්න සල්ලි. මෙන්න මෙතන තමයි ජාතික ධනයට වුණු දේ ගැන ප්‍රශ්නයක් තියෙන්නේ...!
විපරමා Wednesday, 17 August 2022 01:51 PM
රටින් හොර රහසේ පැනලා යන්නත් උදව් කරපු එකේ වියදම් නොකර ඉඳීවිද? මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ වලින් ගසාකාපු සල්ලිත් තියෙන්නේ? රටම බංකොළොත් කෙරුවා...
ranjith Wednesday, 17 August 2022 02:03 PM
හිටපු ජනාධිපතිවරුන්ටත් රජයේ සේවකයන්ට මෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයට පහසුකම් සලසන්න. බංකොලොත් රටේ අනවශ්‍ය වියදම් දැන්වත් නතර කරන්න.