IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ඌවේ දරුණු ආපදා රැසක් ජීවිත හානි වාර්තා වේ

(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල්)

බදුල්ල දිස්ත්‍රික්කය පුරා දින කිහිපයක සිට දිවා රාත්‍රී අකණ්ඩව පවතින තද වැසි හේතුවෙන් ඉතා දරුණු ආපදා රැසක් මේ 27 උදෑසන වන විට වාර්තා වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය.

මේ වන විට ජීවිත හානි කීපයක්ම සිදුවී ඇති බවද ආපදා සහන කණ්ඩායම් පැවසූහ.

අයහපත් කාලගුණය මධ්‍යයේ මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

වැලිමඩ කැප්පෙටිපොළ නිවාස තුනක් නායාමට ලක්වීමෙන් පසුව මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

පස්සර වෙලන්ගස්තැන්න පියා සහ 15 හැවිරිදි දියණිය නිවස තුළ සිටියදී පස් කන්දට යට වී ඇති බවත් යුද හමුදා බට පිරිස් මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත් සඳහන්වේ.

මඩොල්සිම වැරැල්ල පතන ආච්චී සහ පුතා නිවසේ සිටියදීම නිවස පස්කන්ධකට යටවී ඇති බව සඳහන් වෙයි.

පස්සර මැටිගහ තැන්නේ අඹුසැමි යුවළක් නිවසේ සිටියදී නිවස පස් කන්දකට යට වී ඇති බව මඩොල්සිම පොලිසිය පැවසීය.

බදුල්ල කැන්දගොල්ල මව සහ දියණිය සිටි නිවස ඊයේ රාත්‍රියේ පස් කන්දකට යට වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.

කන්දකැටිය තල කුඹුර වසමේ නිවාස දෙකක් නාය යෑමට ලක්වීමෙන් තිදෙනකු අතුරුදන් වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරන ඒකකයට තොරතුරු ලැබී තිබේ.

ලුණුගල ජනතා පුර දකුණ කිව්ලේගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පසුව එහි සිටි දෙදෙනෙකු මුදවාගෙන රෝහල්ගත කිරීමෙන් පසුව වයස තිස් දෙකක කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති බව ලුණුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසීය.

සොරණාතොට රිදීපාන දුම්හිදවත්ත නිවසක් නාය යාමෙන් එක් මරණයක් සිදුවී ඇති බවද සඳහන් වේ.

‍‍‍‍‍ප්‍රදේශ කිහිපයක විදුලි බලයද ඇනහිට තිබෙන බව ප්‍රදේශවාසීහු පැවසූහ.

අයහපත් කාලගුණයක තත්ත්වය හමුවේ විභාග අපේක්ෂක දරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් අවහිර දරුවන් වේ නම් ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස්කර ඇති බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ පැවසීය.

උදෑසන වන විට බදුල්ල මහියංගණය හාලිඇල කැටවල ඇටම්පිටිය වැලිමඩ පස්සර මඩොල්සිම ඇල්ල පස්සර ප්‍රධාන මාර්ග මෙන්ම තවත් අතුරු මාර්ග තැනින් තැන සම්පූර්ණයෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වුවද බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙහෙයුම ඇතිව ත්‍රීවිධ හමුදාව පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය සභා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහන සේවකයින් රාත්‍රිය පුරා සහන සේවා ක්‍රියාත්මක කරමින් සිටින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.

 



අදහස් (0)

ඌවේ දරුණු ආපදා රැසක් ජීවිත හානි වාර්තා වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 159 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 231 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1100 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site