IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය 2028දී සම්පූර්ණ වෙයි

(අංජුල මහික වීරරත්න)

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපනය කිරීමට අවශ්‍ය ගොඩනැගිලි සංකීර්ණ ඉදිකිරීම සඳහා කැබිනට්  අනුමැතිය ලැබී ඇත.

2023 අයවැය යෝජනාවකට අනුව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපනය කර ඇත. 

ඒ අනුව, එම වර්ෂයේදී වෙන් කරන ලද රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන යොදවා, විශ්ව විද්‍යාලයේ  ඇති ගොඩනැගිලි භාවිත කරමින් හා නවීකරණය කර ගනිමින් මේ වන විට සිසුන් 80 දෙනකු බඳවාගෙන ඇති අතර, පළමු සහ දෙවන අධ්‍යයන වර්ෂයන් ක්‍රියාත්මක වෙමින් පවතී.

නමුත් අවශ්‍ය දේශන ශාලා, පරිපාලන ගොඩනැගිලි සහ පූර්ව සායනික ගොඩනැගිලි මෙතෙක් ඉදිකර නොමැති වීම හේතුවෙන් එම වෛද්‍ය පීඨයේ කටයුතු විධිමත්ව පවත්වා ගෙන යාමට බාධා පැමිණ ඇත. 

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමිය තුළ දේශන ශාලා ද ඇතුළුව පූර්ව සායනික ගොඩනැගිල්ල සහ අත්‍යවශ්‍ය පරිපාලන ගොඩනැගිල්ල ඉදි කිරීම පිණිස අවශ්‍ය පිරිවැය රුපියල් මිලියන 2,149 ක් වශයෙන් ගණනය කර තිබේ. ඒ අනුව, මෙම වසර තුළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර, අවශ්‍ය ප්‍රතිපාදන 2026-2028 අයවැය කාලරාමුව තුළ වෙන් කර ගැනීම මඟින් අදාළ පහසුකම් සලසා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය 2028දී සම්පූර්ණ වෙයි

ගුණරත්න Wednesday, 11 June 2025 05:24 PM

KDU පෞද්ගලික උපාධියට මේ වසරේ බඳවා ගත්තා නම් ආණ්ඩුවට ඔය බිලියන දෙක උපයාගන්න තිබුණා. රටට බරක් නැතිව වැඩේත් කෙරෙනවා...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1126 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 459 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 570 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site