IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


උ.පෙළ. රාජකාරියේ සිටි පීසී ගිනි අවිය දමා ගිහින්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස  ( උ. පෙළ) සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ආරක්ෂක රාජකාරී සඳහා යොදවා සිටි කොස්තාපල්වරයෙකු ටි 56 රාජකාරී ගිනි අවිය එම ස්ථානයේ දමා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.

එම කොස්තාපල්වරයා තවත් කොස්තාපල්වරයකු සමග එම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ආරක්ෂක රාජකාරී සඳහා ටි 56 -1515121 දරණ අවිය හා උණ්ඩ 30 ක් සමඟ ඉකුත් (19) රාජකාරී යොදවා තිබී ඇත.

හෝමාගම මූලස්ථානය පොලිස් පරීක්ෂකවරයා විසින් එදින පැය 15 .30 ට පමණ විභාග මධ්‍යස්ථාන පරික්ෂා කිරීමේදී එම කොස්තාපල්වරයා ඔහුගේ රාජකාරී ගිනි අවිය අනෙක් පොලිස් කොස්තාපල්වරයාට භාරදී රාජකාරී ස්ථානයෙන් පිටවී ගොස් තිබූ බවට අනාවරණය වී තිබිණි.

එදිනම පැය  22.55 පොලිස් සැරයන් වරයෙකු විසින්  පරික්ෂා කිරීමේදී එම නිලධාරී විසින් තම රාජකාරි ගිනි අවිය රාජකාරි ස්ථානයේ  දමා පිටවී තිබී ගොස් ඇත.

පොලිස් සැරයන්වරයා විසින් එම ගිනි අවිය රැගෙන විත් උපසේවයට භාර දුන් බව පොලිසිය කියයි.



අදහස් (1)

උ.පෙළ. රාජකාරියේ සිටි පීසී ගිනි අවිය දමා ගිහින්

eresh S kumara Friday, 21 November 2025 11:49 AM

යොදවා සිටි කිසි අයකු වගකීමෙන් වැඩ කර නොමැත

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 130 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 978 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2593 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site