(අංජුල මහික වීරරත්න)
අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය විදේශීය විශ්ව විද්‍යාල වල හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව '' ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් - දියුණු මානව සම්පතක් " නිර්මාණය කිරීමේ අරමුණ යථාර්ථයක් කිරීම උදෙසා අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන්ට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණි ගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යාල වල හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස 2025 අයවැය යෝජනාවක් මඟින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අන්තර්ජාතික විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම දර්ශකයන්හි පළමු ස්ථාන 500 අතර පවතින, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සිදු කෙරෙන විදේශීය විශ්ව විද්‍යාල වෙතින් උපරිම වසර 4ක් සඳහා උපාධි පාඨමාලා සම්පූර්ණ කිරීමට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට යෝජිතය.
එම වැඩසටහන මඟින් පස් අවුරුදු සැලැස්මක් යටතේ සිසුන් 200ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි ප්‍රථම අදියර යටතේ 2025 වසර සඳහා සිසුන් 20ත් 50ත් අතර සංඛ්‍යාවක් තෝරා ගැනීමට අපේක්ෂිතය.
අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රධාන විෂය ධාරාවන් යටතේ ඉහළම ඉසෙඩ් අගය (z - score) සහිත සිසුන්ට මේ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව ලබා දෙනු ලබයි. එකී අයදුම්පත් අතරින් සුදුසු සිසුන් තෝරා ගැනීම විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන්ගෙන් සහ ආචාර්යවරුන්ගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් සිදු කරනු ලබයි.
ඒ අනුව, යෝජිත ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාසන සහ වෘත්තීය අධ්‍යාපන අමාය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
උ.පෙ ඉහළින් සමත් සිසුන්ට විදෙස් විශ්ව විද්‍යාල
මාලිමාපෙන්දා Wednesday, 02 July 2025 12:30 PM
රටේ විශ්වවිද්‍යාල රටේ ළමයින්ට වහලා , විදේශ වලට යවනවා. ඒකත් පට්ට
පැරදුන හොරුන්ගේ ඇබිත්තයාWednesday, 02 July 2025 01:44 PM
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
Neel Wednesday, 02 July 2025 12:50 PM
අපරාදේ සයිටම් එක වැහුවේ කියලා දැන්වත් අවබෝධ වෙනවනම් ලොකු දෙයක්.....
Reza Wednesday, 02 July 2025 12:53 PM
බුද්ධි ගලනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනු ලැබේ. මේ ළමයින්ව අවුරුදු ගානක් රටේ මුදලින් උගන්වලා (රජයේ පාසල් සිසුන්) ඉන්පසු රටේ මුදල් පිටරටට ඇරලා උගන්වලා ඔවුන් ආපසු ලංකාවට ගෙන්වාගෙන සේවයක් ලබා ගන්නවද?. ලංකාවේ පොදු යහපත මේ ක්‍රමයෙන් සැලසෙන්නේ කොහොමද. රටේ පොදු මුදල් අවභාවිතය වළක්වන පිළිවෙලක් දියත් කරන ලෙස ඉල්ලා සිටිමි.
nipuna Wednesday, 02 July 2025 01:28 PM
ඉස්සරත් විදෙස් ශිෂ්‍යත්ව දුන්න, හැබැයි ඒවයින් රට ගිහින් ඉගෙනගත්තෙ ගොඩක් දුරට බල පුළුවන්කාරයොන්ගේ දරුවො.