(අංජුල මහික වීරරත්න)
2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 692 ක් සඳහා ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවූ 5 වන කණ්ඩායමට අයත් රැකියා ලාභීන් 177 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම අද(16) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩබලන සභාපති ජානක අධිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදු කෙරිණි. එම පිරිස මැයි මස 19 හා 20 යන දිනයන්හිදී ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.
ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවන්නේ ඊශ්‍රායලය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් එම රැකියා ලබාගැනීම සඳහා වෙනත් පාර්ශවයන් වෙත මුදල් ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඊශ්‍රායල් හෝටල් රැකියාවට මේ වසරේ අපේ අය 692ක් ගිහින්