IMG-LOGO

ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා - බිරිඳ ස්වයං නිරෝධායනයට

ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද ඔවුන් ස්වයං-නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (2) ප්‍රකාශ කළේය.

71 හැවිරිදි වියේ පසුවන යාකෝව් ලිට්ස්මන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සමීපතමයකු වේ.

 හෙතෙම කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට නිරන්තරයෙන් නවතම තොරතුරු ලබාදුන් අතර වයිරසයයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ද අග්‍රාමාත්‍යවරයාට උපදෙස් දුන්නේය.


පසුගිය සති කිහිපයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණු අතර ඒ වෙනුවට දිනපතා මාධ්‍ය හමුවලට එක්වූයේ ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ය.


සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳුඳා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබූ අතර ඔහුට වයිරසය ආසාදනය වී නැතැයි එහිදි අනාවරණය විය. කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ සහායකුට වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා විය.




ඒ.එෆ්.පී./ ද ගාඩියන්

055



අදහස් (0)

ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා - බිරිඳ ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 276 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 449 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site