IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ඉෂාරාට මතුගමින් පනින්න ශාන්ගෙන් ගමන් වියදම්

(රෝෂන් තුෂාර)

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි හට මතුගම වැලි පැන්නේ සිට මිද්දෙණියට පලා යෑමට  මුදල් වියදම් කර ඇත්තේ මතුගම ශාන් නැමැති පාතාල කල්ලි සාමාජිකයා බව  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා  හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය අද (24) පැවසීය.

ගණේමුල්ලේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඉසාරා සෙව්වන් දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණයේ සිට මතුගම වැලි පැන්නට යෑම,වැලි පැන්නේ සිට මාතර, මිත්දෙණිය, යාපනය දක්වා ගමන් ගත් ආකාරය පිළිබඳව  වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මෙම කරුණු ඉදිරිපත් කළේය .

රජයේ සේවකයින් පොලිස් නිලධාරීන් පාතාල සාමාජිකයින්,ව්‍යාපාරිකයින්  හා මනුෂ්‍ය ඝාතක සැකකරුවන් මීට ආධාර අනුබල දී ඇති බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුගියා දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකාරියන් හතරක් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. 

මේ අනුව ගනේ මුල්ලේ සංජීව ඝාතන සිද්ධිය හා ඉෂාරා සෙව්වන් දීට ආධාර අනුබලදීම යන කරුණ මත සැකකරුවන් විසි හත්  දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.



අදහස් (0)

ඉෂාරාට මතුගමින් පනින්න ශාන්ගෙන් ගමන් වියදම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1268 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site