IMG-LOGO

ඉරාන - ඊශ්‍රායලය ගැටුම් උග්‍ර වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඊශ්‍රායලය තම දිගුකාලීන සතුරාට එරෙහිව මෙතෙක් සිදු කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ඊයේ(13) දියත් කිරීමෙන් පසුව අද(14) අලුයම සහ ඊයේ(13) රාත්‍රියේ ඊශ්‍රායලය ඉරානයටත්, ඉරානය ඊශ්‍රායලයටත් මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කර ගත්තේය.

ඊශ්‍රායලයේ විශාලතම නගර දෙක වන ජෙරුසලම සහ ටෙල් අවිව් හි අනතුරු ඇඟවීමේ නලා ඊයේ(13) රාත්‍රියේ සහ අද(14) අලුයම නාද වී තිබූ අතර ඉරානය ඊශ්‍රායලය ප්‍රදේශ කීපයකට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබිණි. ඉරානය බැලස්ටික් මිසයිල 100ක් පමණ ඊශ්‍රායලයට එල්ල කළ බවත් ඉන් බොහොමයක් බිම දැමීමට ඇමෙරිකානු හමුදාව සහාය වූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

එම ප්‍රහාර මාලාවෙන් ටෙල් අවිව් සහ ජෙරුසලම නගරවල පිපිරීම් හටගත් බවත් ඉන් ඊශ්‍රායල ජාතිකයන් 2 දෙදෙනකු මියගොස් තවත් 60 ක් පමණ තුවාල ලැබූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය. තුවාල ලැබූ ඇතැම් පුද්ගලයන්ගේ තත්වය බරපතළ බවත් ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

එසේම ඉරාන මිසයිල ප්‍රහාරයන්ගෙන් විනාශ ගොඩනැගිලිවල ඊශ්‍රායල වැසියන් සිරවී සිටින බවත් ඔවුන් මුදා ගැනීම සඳහා සහන කණ්ඩායම් ක්‍රියාත්මක බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.

මෙම ලිපිය ලියන මොහොතේද ඊශ්‍රායලයේ අරාවා පළාතේ අනතුරු ඇඟවීමේ නලා නාද වී තිබූ අතර ඊට හේතුව වී තිබුනේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබීමය.

ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරමින් අනතුරු අඟවා තිබුණේ ඊශ්‍රායලයට සහාය දෙන රටවලටද ඉරානය ප්‍රහාර එල්ල කරන බවටය.

 



අදහස් (4)

ඉරාන - ඊශ්‍රායලය ගැටුම් උග්‍ර වෙයි

රට වැසියා Saturday, 14 June 2025 12:32 PM

ඉරානය ප්‍රමුඛ කරගත් ඉස්ලාම් අන්තවාදී-ත්‍රස්තවාදය ද මෙයින් වඳ වී යනු ඇතැයි සිතමු...! ත්‍රස්ථවාදයට ගොදුරු වූ රටක් ලෙස, ලොව ඕනෑම රටක ත්‍රස්තවාදය හෙලා දකිමු! - යුදෙව්වන්ට ජය වේවා...!

:       42       31

randil dunuwille Saturday, 14 June 2025 12:40 PM

මනුෂ්‍යත්වයේ නාමයෙන් යුද්ධයක් එපා. නොමිනිසුන්ට එය වැටහෙන විට... බොහෝ දේ සිදුවී හමාරය.

:       3       56

ගුණරත්න Saturday, 14 June 2025 05:51 PM

කමේනි පිස්සා එන්න කලින් ඉරානය ඊශ්‍රායලයේ මිතුරෙක්, කමෙනි ආවාම ඒ ප්‍රතිපත්තිය 180 හැරුණා.

:       7       12

පිටිගල මිලානෝ Saturday, 14 June 2025 06:22 PM

විශේෂයෙන් ආගමික අන්තවාදී සහ ත්‍රස්තවාදී ව්‍යාපාර වලට සහාය දෙන රටවල් න්‍යෂ්ටික බලය ලබාගැනීම ලෝකෙටම තර්ජනයක්. ඒත් ලෝකෙ ස්වාධීන රටක් ඇතුලට එහෙම තනිකැමැත්තට ගහන්න පුළුවන්ද? ලෝකෙ අනෙක් බලවතුන් හා ජගත් සංවිධාන මේ ගැන කියන්නෙ මොකක්ද? රටක් බිත්තියට හේත්තු කරලා, වටකරලා ගහනකොට ඔවුන්ට මරාගෙන මැරෙන්න වුණත් හිතෙන වෙලාවක් එනවා. ඊශ්‍රායලය රඟන්නේ අමෙරිකාවේ හයිය අරගෙන. ඇමෙරිකාව නැත්නම් මුන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. අනුන්ගේ රටක් බලෙන් අල්ලාගෙන තව චණ්ඩිකම් පානවා...

:       5       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1394 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 515 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site