IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ඉරාන ප්‍රහාරයකින් ඊශ්‍රායල් ඇමෙරිකා තානාපති කාර්යලයට සුළු හානි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සුළුහානි සිදුවූ බව එරට ඇමෙරිකානු තානාපති මයික් හකබි මහතා අද ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයට එල්ලවූ මිසයිල ප්‍රහාරකින් සිදුවූ පිපිරීමකින් නිකුත් වූ කම්පන තරංගයන්ගෙන් තානාපති කාර්යාලයට සුළු හානි සිදුවූ බව ඔහු පැවැසුවේය.

ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඊශ්‍රායලය තම දිගුකාලීන සතුරාට එරෙහිව මෙතෙක් සිදු කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව පසුගිය 13 වැනිදා එල්ල කිරීමෙන් පසුව සිවුවැනි දිනටත් ඊශ්‍රායලය ඉරානයටත්, ඉරානය ඊශ්‍රායලයටත් දැඩි මාරාන්තික මිසයිල, ඩ්‍රෝන සහ ගුවන් ප්‍රහාර එල්ල කර ගත්තේය.

ඉරානයෙන් එල්ල දරුණු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මධ්‍යයේ ඊශ්‍රායලය ප්‍රථම වරට සිය නාවික ගුවන් ආරක්ෂක පද්ධතිය වන "බැරැක් මගෙන්" ක්‍රියාත්මක කළ අතර ඉරානයෙන් එල්ල වන ඩ්‍රෝන යානා බිම දැමීම එහි අරමුණ විය.

"බැරැක් මගෙන්" ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කිරීම තම නාවික හමුදා ඉතිහාසයේ සන්ධිස්ථානයක් පසු කිරීමක් බවත් "බැරැක් මගෙන්" ක්‍රියාත්මක කිරීමත් සමග ඉරාන ඩ්‍රෝන යානා 8 ක් එම පද්ධතිය සාර්ථකව බිම දැමූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.

"බැරැක් මගෙන්" පද්ධතිය නාවික ගුවන් ආරක්ෂණ තාක්ෂණයේ නව පිම්මක් බවත් නූතන තර්ජනවලට මූණදිය හැකි පරිදි "බැරැක් මගෙන්" පද්ධතිය නිර්මාණය වී තිබෙන බවත් ඊශ්‍රායලය ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.



අදහස් (0)

ඉරාන ප්‍රහාරයකින් ඊශ්‍රායල් ඇමෙරිකා තානාපති කාර්යලයට සුළු හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1563 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site