
(අංජුල මහික වීරරත්න)
ඉන්දීය රජයේ පුර්ණ අනුග්‍රහයෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ලබන පෙබරවාරි 4 දින මෙරටට වැඩම කරවීමටත් එම ධාතූන් වහන්සේලා පෙබරවාරි 4 සිට 11 දින දක්වා කොළඹ ගංගාරම විහාරස්ථානයේ දී වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමටත් රජය සැලසුම් කරමින් සිටියි.
ඒ අනුව මෙම සර්වඥ ධාතු වන්දනා කටයුතු රාජ්‍ය අනුග්‍රාහය සහිතව සංවිධානය කිරීමට අදාළ මූලික කරුණු සොයා බැලීමට සහ එම පරිශ්‍රය නිරීක්ෂණයකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පස්වරුවේ කොළඹ ගංගාරම විහාරස්ථානයට පැමිණ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමි බැහැදුටුවේය.
අනතුරුව අමාත්‍යවරයා කිරින්දේ අස්සජී නාහිමියන් සමග ධාතු වන්දනාව සංවිධානය කිරිමට යෝජිත පරිශ්‍රය නිරීක්ෂණය කරමින් ඊට අදාළ මුලික කරුණු සොයාබැලීමක් කළේය.
මෙහිදී අමාත්‍යවරයා මෙම සර්වඥ ධාතු වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය මුලික අවශ්‍යතා සකස් විය යුතු ආකාරයත්, ඊට අදාළ යටිතල පහසුකම් සැපයිය යුතු ආකාරය පිළිබඳවත් කරුණු සාකච්ඡා කළේය.
සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාවට අදාළ කටයුතු සැලසුම් විය යුතු ආකාරය පිළිබඳව ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමිගෙන් අනුශාසනා ලබාගත් අමාත්‍යවරයා ඒ අනුව ඉදිරි සාකච්ඡා සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ගංගාරාමාධිපති හිමියන්ට සැලකර සිටියේය. මෙම සාකච්ඡාව සහ පරිශ්‍ර නිරීක්ෂණය සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා ද සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd