IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ඉන්දියාව ලංකාව අතර බෝට්ටු සේවය නවතී



(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සිට ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් දක්වා ක්‍රියාත්මක වූ මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද (26) සිට එළඹෙන දෙසැම්බර් මාසය දක්වා තාවකාලිකව නවතා ඇත

එම මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත

මෙම මගී ප්‍රවාහන සේවය පසුගිය 2023 වසරේ ඔක්තෝබර් මස 14 වන දින ආරම්භ කෙරිණ.

ශ්‍රී ලංකාවේ සිට සහ ඉන්දියාවේ සිට දෛනිකව සංචාරකයින්, ව්‍යාපාරිකයින් සහ විදේශිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම  නෞකාවෙන් ගමන් කරති

 

 



අදහස් (1)

ඉන්දියාව ලංකාව අතර බෝට්ටු සේවය නවතී

de silva Sunday, 26 October 2025 03:44 PM

ඕක දෙසැම්බර් වෙනකම්ම නවත්වන්න අවශ්‍ය නැහැ. නැවත කාලගුණය යහපත් වුණාම වහාම පටන් ගන්න. බෝට්ටු සේවය නිසා උතුරේ, උතුරු මැද පළාත්වල ජීවත්වන සිංහල, දෙමල, මුස්ලිම් ජනතාවට සහ සංචාරකයින්ට විශාල සේවයක් වෙනවා. ගමන් පහසුවක් වෙනවා... යන්න එන්න ඩොලර් 100 නොහොත් රුපියල් 30000 පමණ ගෙව්වාම, උතුරේ හෝ උතුරු මැද පළාතේ ජීවත්වෙන කෙනෙකුට ඉන්දියාවේ යන්න පුළුවන්..., මේක ගුවන් ටිකට් පතක් අරන් කොළඹින් යන්න ගියාම ටිකට් වලට පමණක් රුපියල් 60000-70000 වියදම් වෙනවා. යන්න එන්න වාහන වලටත් එක්ක ගාන හැදුවොත් ලක්ශේ පනිනවා. සමහර සංචාරකයෝ TRAVEL PLAN එක හදාගෙන එන්නේ... කොළඹට ගොඩ බැහැලා දකුණේ සහ කදුකර ප්‍රදේශවල සංචාරය කර උතුරට ගොස් බෝට්ටු සේවය හරහා ඉන්දියාවට ගොස් චෙන්නේ..., හෝ ත්රිවෙන්ද්රම් , කොචින් ගුවන් තොටුපල හරහා ගුවන් ගතවී නැවත සිය රට යන්න. මේ ගැන ප්‍රවාහන ඇමැතිගේ අවධානය යොමු කළයුතුයි. පාර්ලිමේන්තුවේ සිටින උතුරු නැගෙනහිර නියෝජනය කරන දේශපාලකයිනුත් මේ ගැන කතා කළ යුතුයි... මේවා තමා උතුරු නැගෙනහිර ජනතාවට තිබෙන ප්‍රශ්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1460 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1310 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site