(යොහාන් භාසුර)
වතු කම්කරුගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ඉන්දියානු රජය ආරම්භ කර ඒ සඳහා එම දරුවන්ගෙන් අයදුම්පත් කැඳවන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
අ.පො.ස. උසස් පෙළ, කාර්මික විද්‍යාලවල, උපාධි පාඨමාලා සහ වෘත්තීය සහ තාක්ෂණික අධ්‍යාපනය. අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් (අවම සාමාර්ථ 6 ක් සහිත) සහ වයස අවුරුදු 25 ට අඩු පුද්ගලයන්ට මෙම ශිෂ්‍යත්වය සඳහා අයදුම් කළ හැකි බවත් අයදුම්පත් www.hcicolombo.gov.in වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි අතර නැතහොත් මහ කොමසාරිස් කාර්යාලයෙන් (අංක 36-38, ගාලු පාර, කොළඹ-03) සහ ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයෙන් (01 ඒ, මහාමායා මාවත, තැ.පෙ. 47, මහනුවර) යන ස්ථානවලින් ලබාගත හැකි බවත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
සම්පුර්ණ කළ අයදුම්පත් උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක්, අපොස සාමාන්‍ය සහ උසස් පෙළ ප්‍රතිඵල පත්‍රය, දෙමාපියන්ගේ අලුත්ම වැටුප් පත්‍රිකාව සහ දෙමාපියන්ගේ රැකියාව සම්බන්ධයෙන් වතු අධිකාරීවරයාගේ සහතිකය සමඟ ඉදිරිපත් කළ යුතු බව කියන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිසි පරිදි සම්පුර්ණ කරන ලද ආකෘති පත්‍ර ලේකම්, ඉන්දියානු මහ කොමසාරිස්, තැ.පෙ. 882, කොළඹ-03 යන ලිපිනයට මෙම මස 29 වැනිදාට පෙර යොමුකළ යුතු බව ද සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දියාවෙන් වතු කම්කරු දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව
rattu Monday, 03 April 2023 03:39 PM
දෙනදෙයක් රටේ සියලුම අඩු ආදායම් ලාභීන්ට දිය යුතුයි. ඉන්දියාව මේ කරන්නේ වතුකරයත් වෙනම රටක් කරන එකයි....
Demuni Uduwara Tuesday, 04 April 2023 03:53 AM
ඉන්දියාව සහ චීනය තරඟකාරී ලෙස රට තුළ සිය ව්‍යාප්තවාදය දියත් කර ඇත! චීනය හැම්ප්ටන්හි පිරිපහදුවක් ඉදිකිරීමට යයි; ඉන්දියාව ත්‍රිකුණාමලයේ පිරිපහදුවක් ඇති කිරීමට උනන්දු වෙයි. දොන් ජුවාන් ධර්මපාල වැනි පාලකයෙක් අපට සිටීද?