IMG-LOGO

ඉංග්‍රීසි කතා කළ ලයිබීරියා ජනපතිට ට්‍රම්ප්ගෙන් පැසැසුම්

අප්‍රිකා රටවල් කීපයක රාජ්‍ය නායකයන් පිරිසක් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්වුණු අතර, එහිදී ට්‍රම්ප් සමඟ ඉංග්‍රීසියෙන් කතා කළ ලයිබීරියානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සතුටට පත් වුණු ට්‍රම්ප්, ඔහුට සුබ පැතීමට අමතක නොකළේය. ඒ, ඔහු අපූරු ලෙස ඉංග්‍රීසි කතා කරන බව පෙන්වා දෙමිනි.

ධවල මන්දිරයේ රාජ්‍ය භෝජන ශාලාවේ ඊයේ (9) අප්‍රිකා ජනාධිපතිවරුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි. ඒ ට්‍රම්ප්ගේ සත්කාරකත්වය යටතේය.

ඊට සෙනෙගල් ජනාධිපති බසිරෝ ඩයෝමායි ෆායි, ගිනි-බිසාව් ජනාධිපති උමරෝ සිසෝකෝ, මොරිටානියානු ජනාධිපති මොහොමඩ් ඕල්ඩ් ගසාආනි, ලයිබීරියානු ජනාධිපති ජෝසප් බෝකායි සහ ගැබොන් ජනාධිපති බ්‍රයිස් ඔලිගුයි න්ගෙමා සහභාගී වූහ.

භෝජනය අතරතුරේ රාජ්‍ය නායකයන් තම තමන්ගේ භාෂාවලින් ට්‍රම්ප් සමඟ කතා කළ නමුත්, ට්‍රම්ප්ට ඒ කිසිවක් වැටහුණේ නැත. ප්‍රංශ යටත් විජිත ලෙස පැවැති ඇතැම් අප්‍රිකා රටවල නායකයන් කතා කළේ ප්‍රංශ බසිනි. ට්‍රම්ප්ට එය ද වැටහුණේ නැති අතර, ඔහු ප්‍රසිද්ධියේ අප්‍රසාදය පළ කරන අයුරු වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබේ.

ට්‍රම්ප් සමඟ පැහැදිලිව වචන උච්චාරණය කරමින්, ඉංග්‍රීසි බසින් කතා කළ එකම ජනාධිපතිවරයා ලයිබීරියානු ජනාධිපති ජෝසප් බෝකායි ය. “ලයිබීරියාව ඇමෙරිකා එක්සත් ජනපදයේ දිගු කාලීන මිතුරෙක්. ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ ඔබතුමන්ගේ ප්‍රතිපත්තිය අප විශ්වාස කරනවා. ඇමෙරිකාව අප රටේ ආයෝජන ඇති කර ගනීවි අප විශ්වාස කරනවා. ඒ වගේමයි ඔබ හමුවීමට අවස්ථාවක් ලබා දීම ගැන අප ඔබට ස්තුති කරන්න කැමතියි” යැයි ලයිබීරියානු ජනාධිපති ජෝසප් බෝකායි පැවැසූ විට ට්‍රම්ප් ඒ ගැන පැහැදීමට පත් විය.

“ඔබ හරිම ලස්සනට ඉංග්‍රීසි කතා කරනවා. ඔය තරම් ලස්සනට ඉංග්‍රීසි කතා කරනක්න ඉගෙන ගත්තේ කොහොමද?” යැයි ට්‍රම්ප් පෙරළා විමසීමක් කළේය.

ජනාධිපති ජෝසප් බෝකායි ඊට පිළිතුරු දුන්නේ, මද හසකිනි. එවිට ට්‍රම්ප් විමසා සිටියේ, “ඔබ ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තේ ලයිබීරියාවෙන් ද යනුවෙනි.”

ජනාධිපති බෝකායි ඊට “ඔව්” යැයි පිළිතුරු දුන්නේය. “බලන්න ඒක මොන තරම් අපූරුද? මේ මේසයේ ඉන්න අනෙක් කාටවත් ඉංග්‍රීසි බැහැ.” යැයි ට්‍රම්ප් පවසන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

ජනාධිපති බෝකායිගේ ඉංග්‍රීසි කතා කිරීම සම්බන්ධයෙන් පුදුමයට පත් වීම, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලයිබීරියාව නමැති අප්‍රිකා රාජ්‍යය බිහිවීම සම්බන්ධ ඉතිහාසය ගැන හරිහැටි නොදැන සිටීම නිසා සිදුවූවක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

ලයිබීරියාව බිහිවීම ඇමරිකානු ඉතිහාසයේ ඉතා සුවිශේෂී පරිච්ඡේදයකි. එය වහල්භාවය සහ ජනපදකරණය අතර ඇති සංකීර්ණ සම්බන්ධය මනාව පෙන්නුම් කරන්නකි. ලයිබීරියාව, 1822 දී බිහිවූයේ වහල් භාවයෙන් නිදහස් වූ කළු ජාතික ඇමෙරිකානුවන් සඳහා වූ ජනපදයක් ලෙසය. එය ඇමෙරිකාවේ සුදු ජාතිකයන් විසින්, විශේෂයෙන්ම ඇමෙරිකානු ජනපදකරණ සංගමය විසින් මෙහෙයවනු ලැබූ ව්‍යාපෘතියක් විය.

වහල්භාවය අවසන් වීමෙන් පසු ඇමෙරිකාවේ කළු ජාතිකයන්ගේ අනාගතය වෙනුවෙන්, විසඳුමක් ලෙස සුදු ජාතිකයෝ පිහිටවූ ජනපදය පසුවය ලයිබීරියාව බවට පත් විය. ස්වදේශීය භාෂා කීපයක් ඇති නමුත් ඉංග්‍රීසි යනු ලයිබීරියාවේ නිල භාෂාවය. එහෙයින්, ලයිබීරියානු ජනාධිපති ජෝසප් බෝකායි පැහැදිලිව ඉංග්‍රීසි කතා කිරීමට ට්‍රම්ප්ට පුදුමයක් වුවත්, එය ලයිබීරියාවේ ඉතිහාසය ගැන දන්නා අයට පුදුමට කරුණක් නොවන බව ද දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඉංග්‍රීසි කතා කළ ලයිබීරියා ජනපතිට ට්‍රම්ප්ගෙන් පැසැසුම්

Nihal Thursday, 10 July 2025 08:23 PM

එංගලන්තය උතුරු අයර්ලන්තය හැර යුරෝපීය රටවල නායකයන් ඉංග්‍රීසි කතා නොකරන්නේ තම භාෂාව තවත් අවතක්සේරුවක් වෙන නිසයි. ඔවුන් ඉගෙනගෙන ගන්නේ නැත්තේ අවශ්‍ය නැති නිසයි. යුරෝපයේ අදාල රටේ භාෂාව නොදන්නවා නම් කිසිම දෙයක් කර ගත නොහැකිය. රුසියාව චීනේ කොරියාවේ බැනලා එලවාගන්න අවස්ථා නිතර දැකිය හැකිය...

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 231 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site