(රංජිත් රාජපක්ෂ)
නිවස අසළින් ගලා බසින ඇළ මාර්ගයට වැටුණු සිව් හැවිරිදි දැරියගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළේ තිබි සොයා ගත් බව දිඹුල පතන පොලිසිය පැවසීය.
මෙසේ ඩෙවෝන් ඇළේ තිබි හමුවූයේ හැටන් කොටගල රොසිටා ජනපදයේ පදිංචිව සිටි කේතීස්වරම් ජසිතා නැමති දැරියගේ සිරුරයි.
මල්වර උත්සවයකට මව සමග යෑම සදහා සිය වැඩිමල් දියණියට ඇදුම් අන්දවා දැරියගේ මව ලෑස්ති වි සිය දියණිය සොයන අවස්ථාවේ දියණිය නිවසේ නොසිටි නිසා අසල්වාසීන්ගේ සහයෝගය ඇතිව දියණිය සොයන අවස්ථාවේ දියණිගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළේ තිබි හමුවී ඇති බව දිඹුල පතන පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේය.
මිය ගිය දැරියගේ නිවස ඉදිරිපිටින් ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා කුඩා ඇළ මාර්ගයකට දැරිය වැටී එම ජල පහර දිගේ මීටර් 100ක් පමණ එපිටින් වූ ඩෙවොන් ඇළට දැරිය ගසාගෙන යන්නට ඇති බව අනතුර පිලිබද පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය සැක කරයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඇළකට වැටී දැරියක් මරුට