(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
අයගම කොළඹෑව ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රී එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් දහසය හැවරිදි පාසල් දරුවකු තුවාල ලබා රතනපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අයගම පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ අයගම කොළඹෑව ප්‍රදේශයේ පදිංචි අනූෂා ස්වර්ණලතා නැමැති (43) හැවරිදි කාන්තාවක් බව පොලිසිය පැවසීය.
ඇය සිය දහසය හැවරිදි පුතා සමග යතුරු පැදියෙන් අයගම ප්‍රදේශයට ගොස් පාන් රැගෙන පැමිණෙමින් සිටියදි මෙලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පැවසිය.
මෙම සිදුවීම ඊයේ රාත්‍රී දහයට පමණ සිදු වී ඇති බවත් සිද්ධියට අදාල සැකකරුවන් හදුනාගෙන ඇති බව පොලිසිය පැවසිය. පෞද්ගලික ආරවුලක් සිද්ධියට මුල් වී ඇති බවට පොලිසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අයගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
2025 නොවැම්බර් මස 17
130
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
978
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2593
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇසිඩ් ප්‍රහාරයෙන් මව මරුට: පුතා රෝහලට