IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඇල්ල අනතුරේ බස් රථ හිමිකරුට ඇප

(ප්‍රසාද් රුක්මල්)

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15කට මරු කැදවා 18 කට තුවාල සිදු කරමින්   අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීගොස් සිදුවු බස්‍ අනතුරේ බස්‍ රථ අයිතිකරු ඇල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරනයට අද (10) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ශ 2 ක ශරීර ඇප සහ රුපියල් 50000ක මුදල් ඇප මත මුදා හැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍ර්සේකර මහතා නියෝග කළේය.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය බාරයට ගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මීට අමතරව බස්‍ රථ අයිතිකරුට මෙම පරීක්ෂන කටයුතු සදහා පූර්ණ සහය ලබාදෙන ලෙසටත් කිසිවෙකු ට හෝ බලපෑම් නොකරන ලෙසට මහේස්ත්‍රාත් වරයා  තරයේ අවවාද කර සිටියහ .

අගුනුකොලපැලැස්ස හැඩකැටිය ප්‍රදේශයේ පදිංචි කේ.ඒ.නිරෝශන් (41)  නැමති පෞද්ගලික බස් රථ අයිතිකරුට මෙසේ ඇප නියම විය.

බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර් පී අමරසිංහ ,  බණ්ඩාරවෙල සහකාර පොලිස් අධිකාරි 1 උදයකුමාර , ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී කේ යූ ඩබ්ලිව් අබේගුණවර්ධන , උපපොලිස් පරීක්ෂක තෙන්නකෝන් , පොලිස් සැරයන් 75637 රත්නායක යන මහත්වරුන් පරීක්ෂන පැවත්වූහ .



අදහස් (0)

ඇල්ල අනතුරේ බස් රථ හිමිකරුට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 671 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17776 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 747 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site