(විමුක්ති එස් රුද්‍රිගු)
වසර හයකට පසු ප්‍රථම වතාවට අද (01) එරට වේලාවෙන් පෙරවරු 12 ට ඇමෙරිකානු ආණ්ඩුව වසා දැමුණේය. මෙම මස සිට ඉන් ඉදිරියට රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීමට අරමුදල් සැපයීම සඳහා ගෙන ආ අයවැය පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ඇමෙරිකානු සෙනෙට් සභාවේ සිටින රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම ආණ්ඩුව වසා දැමීමට හේතුව විය.
ඇමෙරිකානු ආණ්ඩුව වසා දැමීමත් සමග සියලු රාජ්‍ය සේවා නොවුණත් ඇතැම් රාජ්‍ය සේවා අද (01) අත්හිටු විණ. අරමුදල වෙන් කිරීමට තිබූ අවසන් කාල සීමාව පසුවීමත් සමග ඇමෙරිකානු ආණ්ඩුව වහාම වසා දැමුණු අතර ඉන් අනතුරුව ඩිමෝක්‍රටික් සහ රිපබ්ලිකන් පාක්ෂිකයන් එකිනෙකා මත වරද පැටවූවේය. අයවැය පනත් කෙටුම්පත ගෙන ආ අවස්ථවේදී වත්මන් වියදම් තවත් සති 7 ක කාලයක් ඉදිරියට ගෙනයා යුතු බවට රිපබ්ලිකන්වරු ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට බල කර සිටියේය.
රිපබ්ලිකන්වරුට කොංග්‍රසයේ සහ සෙනෙට් සබ්වේ බලය තිබුණත් සෙන්ට් සභාවේ ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් රිපබ්ලිකන්වරුන්ට නොමැත. ඒ හේතුවෙන් පනත් කෙටුම්පතක් සෙන්ට් සභාවේ සම්මත කිරීමට රිපබ්ලිකන් සාමාජිකයන්ට ඩිමොක්‍රටික් පාක්ෂිකයන් 60 දෙනකුගේ ඡන්දය අවශ්‍ය වේ.
නැවත ඇමෙරිකානු ආණ්ඩුව විවෘත කළ හැකි අකාරය පිළිබඳ පැහැදිලි මාවතක් මෙම ලිපිය ලියන අවස්ථාව වන විට පෙනෙන්නට නොතිබුණේය. 1981 වසර සිට ඇමෙරිකානු ආණ්ඩුව වසා දැමුණු 15 වැනි අවස්ථාව මෙය වන අතර ආණ්ඩුව වසා දැමීමෙන් ඇමෙරිකාවට දිනකට සිදුවන පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 400 කි.
එළැඹෙන දෙසැම්බර් මාසය වනවිට ඇමෙරිකානු රාජ්‍ය සේවයේ ලක්ෂ තුනක් දොට්ට දැමීමට ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සැලසුම් කර ඇති අතර ඇමෙරිකානු අනුව හදිසියේ වසා දැමීමත් සමග තවත් සේවකයින් රැකියාවලින් දොට්ට දැමීමට සිදුවනු ඇතැයි ජනපති ට්‍රම්ප් අනතුරු ඇඟවූවේය. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට ඇමෙරිකානු ආණ්ඩුව වසා දමා පැය අටකට ආසන්න කාලයක් ගතවී තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඇමෙරිකානු ආණ්ඩුව වසා දමයි