IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ඇමෙරිකා බෞද්ධ දූත පිරිස අගමැතිනිය හමුවෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පැවැත්වෙන 2026 ජාත්‍යන්තර වෙසක් සැමරුමට ශ්‍රී ලංකාවේ සහාය පළකරන බව  අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇමෙරිකා බෞද්ධ දූත පිරිස හමුවේ පැවසුවාය.

ඇමරිකාවේ සිට මෙරටට පැමිණි මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධ දූත පිරිස අරලියගහ මන්දිරියේදී හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය  එසේ පැවසුවාය.

2026 වසරේ පවත්වනු ලබන වෙසක් උත්සවය සඳහා  අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට නිල වශයෙන් ආරාධනා කිරීම මෙහිදී සිදු කෙරිණි.

ඇමෙරිකාවේජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා අස්ගිරි පාර්ශවය සහ මල්වතු පාර්ශවය මහා නා හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා පිරිසක්ද  ඇමරිකාව ටෙක්සාස් වෙත  වැඩම කිරීමටද නියමිතය.

ටෙක්සාස්හි පවත්වන රාජ්‍ය වෙසක් උත්සවය 2026 මැයි 2-10 දිනවල, භික්ෂූන් වහන්සේලා 200 කට වැඩි පිරිසක් සහ ආරාධිත රාජ්‍ය සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඊට සමගාමීව, බුදුන් වහන්සේගේ භෞතික පැමිණීම සංකේතවත් කරමින් උන්වහන්සේගේ පූජනීය ධාතු ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කෙරේ. කිරිගරුඬ ගල් ස්තූප 840 ක් තුළ භාෂා 10 කින් ත්‍රිපිටක කැටයම් කිරීම සඳහා ඩොලර් මිලියන 200 ක චෛත්‍යයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති බවද බෞද්ධ දූත පිරිස අග්‍රාමාත්‍යවරිය හමුවේ පැවසීය.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාට එක්ව සිටියහ. 



අදහස් (0)

ඇමෙරිකා බෞද්ධ දූත පිරිස අගමැතිනිය හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site