(සුජිත් හේවාජුලිගේ)
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය මැදිරිවල පවතින අඩුපාඩු වහාම නිවැරදි කරන ලෙසට දුම්රිය ප්‍රධානීන්ට මීට මසකට පමණ පෙරදී නියෝග කළත් තවමත් එම අඩුපාඩු එලෙසම පවතින බව මගීහු චෝදනා කරති.
සමහර මගී දුම්රියවල විදුලි පංකා කිසිවක්ම වැඩ නොකරන අතර බොහෝ ඒවායේ ක්‍රියාත්මක වන්නේ අතරින් පතර එකක් දෙකක් පමණක් බව ජනතාව පෙන්වා දෙති.
දුම්රිය මැදිරිවල ජනෙල් බොහොමයක් කැඩී ගොස්ය. තවත් ඒවා විවෘත කිරීමට නොහැකි වන අන්දමට හිරවී පවතින්නේය.
සමහර දුම්රිය මැදිරිවල වර්ෂා කාලයට ගමන් කිරීමට නොහැකිය. ඊට හේතුව මැදිරිවල වහල දිරා ගොස් ඒවායින් වතුර කාන්දු වීම බව මගීහු සඳහන් කරති.
දුම්රියන්හි වැසිකිළි කැසිකිළිවල අපවිත්‍රතාවයද පෙරසේමය.
කොළඹ කොටුවෙන් ඊයේ රාත්‍රී 7.50ට පමණ රඹුක්කන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ බොහෝ මැදිරිවලට වහලයෙන් ජලය කාන්දුවීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්වූහ.
මේ හේතුවෙන් මැදිරි බොහොමයක ආසන පවා තෙමී ගොස් තිබූ හෙයින් ජනතාව බොහෝ දෙනකු සිට ගෙන ගමන් ගන්නා ආකාරය අපට දැකගත හැකි විය.
මේ අතර දුම්රිය ගමන් වාර ගණනාවක්ම අවලංගු වීම සහ දුම්රිය ප්‍රමාදය හේතුවෙන්ද ජනතාව මේ දිනවල දැඩි දුෂ්කරතාවයට පත්වෙති.
මේ සම්බන්ධයෙන් අප දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දුම්රිය මැදිරි වල අඩුපාඩු යම් ප්‍රමාණයක් නිවැරදි කර ඇති බවයි.
සෙසු අඩුපාඩු නිවැරදි කිරීමට කාලයක් ගතවන බවද ඔහු සඳහන් කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමැති බිමල්ගේ නියෝගයට දුම්රිය ලොක්කන් පයින් ගහලා