
ඇමෙරිකාවේ ජනපද 15 කට, මෙක්සිකෝවට සහ කැනඩාවට අද (8) පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබේ.
උතුරු ඇමෙරිකාවට, දකුණු ඇමෙරිකාවට සහ යුරෝපා රටවල් කීපයකට මෙම සූර්ය ග්‍රහණය දකින්න ලැබෙනු ඇත්තේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස යැයි නාසා ආයතනය පැහැදිලි කරයි.
සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කරද්දීය.
පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. උතුරු ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2044 දී යැයි නාසා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd