IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ඇමති තාරක ආසියානු ජාතීන්ගේ සංගමයේ තානාපතිවරුන් හමුවෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ රටවල් ( ආසියාන් ) සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් සාකච්ඡාවක් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන සාකච්ඡාවට අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ රටවල ( ආසියාන් )තානාපතිවරු පිරිසක් එක්ව සිටියහ.

එහිදී ශ්‍රී ලංකාව සහ ආසියාන් රටවල් අතර බෞද්ධාගමික සබඳතා වර්ධනය කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව සහ ආසියාන් රටවල් අතර සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් බෙදා හදා ගැනීම පිළිබඳ සාකච්ඡා කර ඇත.

ආසියාන් රටවලට ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කරවීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාව එහිදී තානාපතිවරු පිළිගෙන ඇති අතර පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් ආසියාන් රටවල ප්‍රමුඛ බෞද්ධ විහාරස්ථාන සමඟ ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන සම්බන්ධ කිරීමේ වැඩසටහනක් හරහා බෞද්ධ ආගමික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවද යෝජනාවක් ඉදිරිපත් කර ඇත.



අදහස් (0)

ඇමති තාරක ආසියානු ජාතීන්ගේ සංගමයේ තානාපතිවරුන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1133 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site