(එච්.චන්දන)
නවගත්තේගම ඉගිනිමිටිය දෙවන ගම්මානයේ ඇදිරි නීති අවස්ථාවේ නිවසක් තුළ සූදු පිටියක් ( බුරු පොළක්) වටලා එහි සිටි පුද්ගලයින් 09 දෙනකු අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පවසයි.
නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදු කල මෙම වැටලීමේදී , සූදු පොලේ තිබූ රු 25000/= මුදලක් , යතුරු පැදි 03 ක් , ත්‍රිවිල් රථයක් , මුව මස් කිලෝ 02 ක් , නීති විරෝධි මත් වතුර බෝතල් 02 ක් පොලීසය අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇඳිරිනීතියේදී බූරු ගැසූ 9 ක් අත්අඩංගුවට
sigithi Friday, 03 April 2020 03:23 AM
මේ අයට දියයුතු දඩුවම තමයි බුරුවෙකුට කියා පයින් ගස්සන එක .