(කාංචන කුමාර ආරියදාස, ඩයනා උදයංගනී සහ මොහොමඩ් ආසික්)
දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇතැයි වාර්තා වේ.
එළවළු අස්වනු වැඩි වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබීම සහ ඒවා මිලදී ගැනීමට පැමිණෙන වෙළඳුන් අඩුවීම හේතුවෙන් අලෙවිය විශාල වශයෙන් පහත වැටීම නිසා මෙසේ එළවළු මිල පහත ගොස් ඇතැයි එම වෙළෙන්දන් සහ අතරමැදි ව්‍යාපාරිකයෝ පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ද බෝංචි, ලීක්ස්, කැරට් දී ගෝවා ආදී උඩරට එළවළු පවා කිලෝවක මිල පසුගිය දිනවල පැවති මිලට සාපේක්‍ෂව සියයට 50 කින් පමණ අඩුවී තිබූ බව එහි වෙළෙඳුන් පවසයි.
පසුගිය දිනවල රුපියල් 550 ත් ක් 600 ත් අතර ඉහළ මිලකට අලෙවි වූ බෝංචි කිලෝව ඊයේ රුපියල් 220 ත් 300 ත් අතර මිලකට අලෙවි වූ අතර ලීක්ස් කිලෝවක් රුපියල් 100 කට අලෙවි වනු දක්නට ලැබිණි.
එමෙන්ම ගෝවා කිලෝවක් රුපියල් 160-180, කැරට් කිලෝවක් රුපියල් 220-280, බීට්රූට් කිලෝවක් රුපියල් 55-70, තක්කාලි කිලෝවක් රුපියල් 180-200, රාබු කිලෝවක් රුපියල් 50-80, නෝකෝල් කිලෝවක් රුපියල් 120-150, පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 50-70, අර්තාපල් කිලෝවක් රුපියල් 130-140, වැටකොළු 130-150, බණ්ඩක්කා කිලෝවක් රුපියල් 40-70, පතෝල කිලෝවක් රුපියල් 160-180, කරවිල කිලෝවක් රුපියල් 250 -280, වට්ටක්කා කිලෝවක් රුපියල් 120-130, වම්බටු කිලෝවක් රුපියල් 320-350, මෑ කරල් කිලෝවක් රුපියල් 90-120, දඹල කිලෝවක් රුපියල් 160-200, අමු මිරිස් කිලෝවක් රුපියල් 320-350, මාළු මිරිස් කිලෝවක් රුපියල් 450-500, තක්කාලි කිලෝවක් රුපියල් 160-220, ලොකු ලුනු කිලෝවක් රුපියල් 130-140 ආදී මිල ගණන්වලට අලෙවි කෙරිණි.
මෙලෙස මාලුමිරිස් සහ වම්බටු හැර අනෙකුත් සෑම එළවළුවකම මිල විශාල වශයෙන් පහත වැටී තිබුණත් ගැණුම්කරුවන් නොමැතිවීම නිසා තමන්ට එළවළු විකුණා ගැනීමට නොහැකිව දවස පුරා රැඳී සිට ඉතා අඩු මිල ගණන් යටතේ ඒවා අලෙවි කිරීමට සිදුව ඇතැයි එළවළු වෙළෙඳුන් පවසයි.
එමෙන්ම කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ ද එළවළු මිල ගණන් පහත වැටී තිබූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
එහි බෝංචි කිලෝවක් රුපියල් 270ත් 330ත් අතර, තක්කාලි කිලෝවක් රුපියල් 340ත් 380ත් වැනි මිල ගණන්වලට අලෙවි වූ අතර, මාළු මිරිස් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 750ත් 830ත් අතර මිලකට බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
කටුගස්තොට මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 250 ක්, ලීක්ස් කිලෝවක් රුපියල් 180 ක්, බීට් කිලෝවක් රුපියල් 100 ක් වැනි මිලක් දක්වා පහත වැටී තිබූ බව එහි තොග වෙළද සංගමයේ සභාපති ඩි.එන්.සිල්වා මහතා කීය.
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ද කැරට් කිලෝවක් රුපියල් 200ත් 280ත්, ගෝවා කිලෝවක් රුපියල් 400ත් 440ත්, ලීක්ස් කිලෝවක් රුපියල් 140ත් 170ත්, අර්තාපල් කිලෝවක් රුපියල් 370ත් 410ත් අතර මිලකට පහත වැටී තිබිණි.
සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ සභාපති ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල මෙන්ම අලෙවිය ද බොහෝ සේ පහත වැටී ඇති බවයි.
කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ වෙනදා එළවළු කිලෝ ලක්‍ෂ අටක් පමණ අලෙවි වන නමුත් අද අලෙවිවූයේ කිලෝ ලක්‍ෂ තුන හමාරක් පමණක් බවත්, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අලෙවිය කිලෝ ලක්‍ෂ දෙක හමාරක සිට කිලෝ 60,000ක් පමණ දක්වා පහත වැටී ඇතැයි ද ඔහු පැවසීය.
පොහොර, ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් විශාල නිෂ්පාදන පිරිවැයක් දරා වගා කරන ගොවීන් මෙසේ එළවළු මිල සහ අලෙවිය පහතයාමෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව ද ඔහු කීය.
එළවළු මිලදී ගැනීමට වෙළෙන්දන් පැමිණීම අඩුවීමට ද හේතුව ඉන්ධන මිල ඉහළයාම හා සතියකදී ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නොවීම බව හෙතෙම පැවසීය.
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළ ගිය ද දිවයින එළවළු වෙළඳසැල්වල එළවළු මිල අඩුනොවන්නේ ද ප්‍රවාහන වියදම ඉහළයාම හේතුවෙන් බව සභාපතිවරයා සඳහන් කළේය.
යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ
විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ
කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට
කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළට
හසිත ප්‍රසාද් Sunday, 18 September 2022 08:44 AM
ඉතා හොදයි. දිනපතා ලබාගත හැකිනම් ගොඩක් හොදයි..